සිසේරියන් සැත්කමකදී බිළිදෙකුගේ ජීවිතය අනතුරේ !

0
124

(12.30pm)මීගමු රෝහලේ සිදුකළ සිසේරියන් සැත්කමකදී  සිදුවූ අනතරකින්  කුළුදුල් බිලිදෙකුගේ ජීවිතය අහිමි වීමේ පුවතක් වාර්තා වේ.
ජුනි 22 වනදා මීගමු රෝහලට ඇතුලත් කළ ගර්භනී මාතාවක්  සිසේරියන් සැත්කමකට භාජනය කළ පසු ලදරුවාගේ හිසෙහි තුවාල සිදුවී අසාධ්‍ය තත්වයෙන් මේ වනවිට  රිජ්වේ ළමා රෝහලේ  වීදුරු කූඩුවක  දමා සිටින බවත් මෙම දරුවා මේ වනවිට ජීවිතක්ෂයට පත්වී ඇති බවට තමන් විශ්වාස කරන බවත්  දරුවාගේ පියා පවසයි.
සිසේරියන් සැත්කමේදී  යම් උපකරණයක් දරුවාගේ හිසේ වැදීමෙන්  අසාධ්‍ය වූ දරුවා 
 
කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ස්කෑන් පරීක්ෂණයකින් පසු ඔවුන්ට දරුවා භාරගත නොහැකි බව පවසා තිබේ.
පසුව දරුවා නැවත මීගමු රෝහලටම ගෙනවිත් තිබුණ අතර පසුව 
  රිජ්වේ ළමා රෝහලට දරුවාව යොමුකිරිමට මීගමුව රෝහල විසින් කටයුතු කර තිබේ.
 රද්දොලුගම – අරඹ ප්‍රදේශයේ පදිංචි  දරුවාගේ පියා පවසන්නේ සැත්කම කිරීමේදී යම්කිසි උපකරණයක් හිසෙහි වැදීමෙන් මොලේට ලේ කාන්දුවී මෙය සිදුවී ඇති බවට තමා විශ්වාස කරන බවය.
මිට පෙර අවස්ථා කිපයකදිම සිසිරියන් සැත්කම්වලදි මේ අකාරයෙන් සිදුව ඇති වෛද්‍යමය නොසැලකිල්ල මුල්කොට ගත් අනතුරු වලින් ජිවිත වලින්ම වන්දි ගෙවන්නට නිරෝගිව මෙලොව එළිය දකින්නට සිටි නොදරුවන්ට සිදුව ඇත.
මේ සම්බන්ධයෙන් අප මීගමුව රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂකවරයා හමුවි තොරතුරු ලබාගැනිමට උත්සාහ ගත්තද ඒ පිළිබදව යමක් පැවැසිය හැක්කේ මේ ගැන සොයා පමණක් බව ඔහු අවසන් වශයෙන් අපට දැනුම් දිමට කටයුතු කළේය.