සීදුවේ සමාජ ශාලාවක් වැටලූ පොලිසියට අහුවුනේ මොනවාද?

0
83


සීදූව පොලිස් බල ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් වැටලූ වලාන දූෂණ ප්‍රහාරක දූෂණ ඒකකයේ පොලිස් නිළධාරි කණ්ඩායමක් විසින් රුපියල් ලක්ෂ පහක් පමන ආසන්න වටිනා කමකින් යුතු හසිස් තොගයක් සමග එහි සේවයෙකු අත් අඩංගුවට ගෙන තිඛේ.
එම ඒකකයේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම ඊයේ 21 වන දින රාත්‍රී 7.00ට පමණ සිදුකොට ඇත.
පොලීසිය සැකකරු සන්තකයේ තිබි හසීස් ගෑම් 170 මිලි ගෑම් 370ක් අත් අඩංගුවට ගෙන තිඛේ.
සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි එක්තරා සමාජ ශාලාවක නිබි මෙම හසීස් තොගය අත් අඩංගුවට ගෙන ඇති අතර දිගු කාලයක සිට මෙම ඡාවාරම කරගෙන ගොස් නිඛෙන බවට කරණ ලද විමර්ශන වලදී හෙලිවි ඇත.
මාධ්‍ය ප්‍රකාශ නියොජ්‍ය පොලිස්පති පි්‍රයන්ති ජයකොඩි මහතා යටතේ පිහිටි වලාන දූෂණ ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක හේමාල් ප්‍රශාන්න මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදූකර ඇති අතර විමර්ශණ කටයුතු කරන ලද්දේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රංජිත් රාජපක්ෂ උප .පොලිස් පරික්ෂක සම්පත් පො. කො. විමුක්ති 83790 මංතිලක 77574 යන නිළධාරින් විසිනි
ඉදිරි නීතිමය පියවර ගැනීම සදහා හසීස් තොගය හා සැකකරු සීදූව පොලීසිසයට භාර දී තිඛේ.


ප්‍රියප්‍රේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here