සීදුවේ ජලනලයක් කැඩි යාමෙන් නිවාස ගණනකට ජලය නෑ !

0
327


( 3.30 pm ) රද්දොළුගම ජලසම්පත් එකේ කොන්ත්‍රාත් කරුවෙක් යටතේ සේවය කරන කම්කරුවෙක්ගේ නොසැලකිල්ලකින් 23වන දින පස්වරු 3.00 සිට 24 වනදා පෙරවරු 11.00 වන තුරු පැය විස්සක් පුරා විශාල ජල කඳක් කානුවක් ඔස්සේ ගලා යමින් තිබුණි. කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශයේ ලියනගේමුල්ල ක්‍රොන්ඩර්ඩ් ප්‍රේමතිරත්න මාවතේ නිවසකට නව පානීය ජල සැබයුමක් ලබාදීමට පැමිණි රද්දොළුගම ජලසම්පත් එකට අනුයුක්ත කොන්ත්‍රාත් කරුවෙක් යටතේ සේවය කරන කම්කරුවෙක් විසින් සිදුකළ අපරක්ෂා කරි ක්‍රියාවක් නිසා සීදූව ප්‍රදේශයේ ජවතාවටට වරින් වර ජල කප්පාදුවකට මූණදීමට සිදුවිය.

මෙම ජල සම්බතාවය ලබාදීමට පැමිණ ඇති කොන්ත්‍රාත් කරුවන් විසින් භූගත ජල නලය තිඛෙණ ස්ථානය සහ පොලවේ සිට ජල නලයට ඇති ගැබුර නොදන්නා බැවින් අලවංගු දමා බටය තිඛෙණ තැන සෙවීමට ඇණ ඇත. එම අවස්ථාවේ අසල පදිංචි සිටි කාන්තාවක් තම නිවසට ජලය ලබාදීමේදි ජල නලය ඇති ස්ථානය දැක ඇති හෙයින් භූගත ජල බටය ඇති නිසි ස්ථානය පෙන්නුවද එය නොතකා එක් කම්කරුවෙක් ක්‍රියා කිරීමෙන් මෙලෙස පැය 20ක් පමණ ලීටර් වලින් හෝ බවුස්ර් වලින් ගණනය කිරීමට නොහැකි තරම් ජලකඳක් අසල ඇති නගර සභා කාණුව වෙත ගලාගොස් කාණුව පවා පිරි ඉතිරී ගොස් තිබුණි. මෙම අනුවන ක්‍රියාවෙන් එම මාර්ගයේ එකී ස්ථානයෙන් ඔබ්බට ඇති නිවෙස් වල ජනතාවට මඩ වතුර බීමට සිදුවී තිබුණි.

කැළණියෙන් ගෙන්විමට සිදුවු බව කියන සොකට් එක



මෙම බටයට සිදූවූ හානිය යතාත්වයට පත් කිරීමට ගතවූ පැය විස්සට වඩා පුදුමයට පත්වන්න තරම් කාරනයක්ද ඇත. මෙම රද්දොළුගම ජලසම්පත් එකෙන් මුදාහරින ජලනලය වැසීමට නොහැකි බව පැමිණි කොන්ත්‍රාත් සමාගමේ වගකිවයුතු නිලධාරික් විසින් පවසා සිටීමයි. එම නිලධාරියා පවසන අන්දමට එම ජල සැපයුම් නලය අලූත් වැඩියාවට වසා දමන්න ගියොත් පවුල් 5000කට සහ රෝහල් කඩ සාප්පු ගණනකට ජල සැපයුම නවතා දැමීමට සිදුවන බවකි. තවද එම ජල නලයට සිදුවූ හානිය නැවත පිළිසකර කිරීමට අවශ්‍ය සම්බන්ධතා නලයක් ඔවුන් සතුව නොතිබූ හෙයින් එම නලය කැළණියෙන් ගෙන්වීමටද සිදුවූ බවත් එම නිලධාරියා පැවසීය. මෙම ක්‍රමවේදය ඉතා අනුවන ක්‍රමවේදයක් බවත් ගමෙන් ගමට හෝ මාර්ගයෙන් මාර්ගයට හදිසි අවස්තාවකි ජල සම්බතාවය වැසීමට හැකි ක්‍රමවේදයක් තිබිය යුතු බව ප්‍රදේශයේ ජනතාව පවසා සිටියි.



මෙම ප්‍රශ්ණයෙන් පිඩාඩට පත් ගෘහනියක වන කෝසලා මහත්මිය පවසන්නේ මෙවන් දෙයක් මින් ඉහත දිනයකදී මෙම මාර්ගයේ මැද හරියේ මෙලෙසම බටයකට හානිකර ගණන් නොගෙන යන්න ගිහින් තිබුණා. අපි ජලයට දේවත්තයෙන් සලකන හෙයින් අදාල නිලධාරීන්ගේ දුරකථන අංක හොයාගෙන දැනුවත් කළත් දවස් ගණනක් යනකම් එදත් ජලය අපතේ ගියා. මේ අවස්තාවේ අපි නොසිතූ ලෙස ජලය කපා දමමින් නව ජලසම්බන්ධතාවයක් දෙන්න කටයුතු කරලා. වරින් වර ජලය පැමිණියත් එම ජලයට මඩමිශ්‍රව වගේ පැමිණියා. එලෙස අපගේ නිවෙස් වලට එන ජලය වගකීමකින් තොරව නොසිතූ අවස්ථාවන් වල කපා දමණවා. පසුව සොයා බැලීමේදී දැනගත්තා අපේ ගෙවල් වලට ඉහලින් ජල නලයක් කඩා දමා ගිහින් කියා.



ව්‍යාපාරික කුමාර සිරි මහතා පවසන්නේ මෙවන් දෙයක් මෙම සිදුවීමත් සමග නිවසට ජලය පැමිණිම අඩුවී ගියා. පසුව මඩ මිශ්‍ර ජලය 23 වනදා රාත්‍රියේ සිට 24වනදා පෙරවරුව වන තෙක් ලැබුණා. එම ස්ද්ධිය සිදුවූ ස්ථානයට අපි ගොස් ඇහව්වා අපිට මඩ වතුර එනවා ඒ ඇයි කියා. එම ස්ථානයේ සිටි කොන්ත්‍රාත් සමාගමේ සුපවයිසර් කෙනෙක් කියා කියන පුද්ගලයෙක් කරන්න දෙයක් නෑ හඳනකම් ඉන්න කියා පැවසුවා. මෙලෙස රටේ ජල සම්පත අපතේ යැවීම ගැන වගකිවයුත්තන් යුහුසුලූව කි්‍රයානොකළොත් තවත් ඉදිරියේදි මෙවන් නිලධාරීන්ද මෙවැනි ක්‍රියා සිදුකර හිනාවෙවි සිටින එක නවත්වන්න බැරිවේවී.
ඡායාරූප විස්තර

(සීදූව විජිත)