සීදුව නගර සභාවේ සංශෝධිත අයවැයත් අද පරාදවෙයි !

0
121

සීදුව නගර සභාවේ සංශෝධිත අද අයවැයත් මිට සුළු මොහොතකට පෙර පරාද වු බව වාර්තා වේ.
ඒ අයවැයට එරෙහිව ඡන්ද ක් සහ පක්ෂව ඡන්ද 6 වශයෙන් ලබාගැනිමත් සමගය.

එජාපයට බල හිමිව තිබුන සීදුව නගර සභාවේ බලය පොදු ජන පෙරමුණට මේ අනුව හිමිවිමට නියමිත අතර දැනට සභාපතිධුරයේ වැඩබැලිම එහි නියෝජ්‍ය සභාපතිවරයාට පැවැරි ඇත.අයවැයට එරෙහිව ඡන්ද 12 ක් ලැබි තිබුන අතර පක්ෂව ලැබි තිබුනේ06 ක් පමණි.
පසුගිය වර අයවැයට විපක්ෂව ඡන්දය පළකොට තිබු ජවිපෙ මන්ත්‍රිවරයා මෙවර සභාවට පැමිණ තිබුෙන් නැත.

සිදුව නගර සභාව අයවැය විවාදයේ මුල් දිනයේ අයවැයට විපක්ෂව ඡන්ද 13  ක් ලැබි තිබුන අතර පක්ෂව ලැබි තිබුනේ ඡන්ද 6 ක් පමණි.
අයවැයට විපක්ෂව ශ්‍රිලනිප ඡන්ද 3 ක්, ජවිපෙ ඡන්ද 01 ක් සහ පොහොට්ටුවෙන් ඡන්ද 9 ක් ලෙසින් අද ප්‍රකාශවි තිබුණි

මෙවර නගර සභා ධුර කාලයේ ආරම්භක අවස්ථාවේදි එජාප ඡන්ද 6 ක සහයද ඇතිව ශ්‍රිලනිප   මෙන්ම පොහොට්ටුවේ නාගරික මන්ත්‍රින් පිරිසකගේද සහයෙන්  පත්කරගෙන තිබුනේ එජාප නගරාධිපතිවරයෙකු වු අතර නියෝජ්‍ය නගාරාධිපති ධුරය පොහොට්ටුවේ අයෙකු වෙත හිමිව තිබුනි.