සීදුව ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් 25 ක් !

0
69


සීදූව ප්‍රදේශයේ දිනෙන් දින කෝවිඩ් ආසාදිත ගණන වැඩිවීමක් ඇති හෙයින් සීදූව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යයාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සයුරු පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් යුත් සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ප්‍රධාන පරිපාළන මහජන සෞඛ්‍ය නිලධාරි සුරේෂ් කුමාර මහතා, ප්‍රමුක මහජන සෞඛ්‍ය නිලධාරින් විසින් අහබු ලෙස සෙනසුරාදා සිදුකරණ ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව 18 වනදා දහවල් වනවිට පරීක්ෂණ (124)කින් ආසාදිතයින් 25 දෙනෙක් අනාවරණයවී ඇති බව ප්‍රධාන පරිපාළන මහජන සෞඛ්‍ය නිලධාරි සුරේෂ් කුමාර මහතා පැවසීය.
මෙම ආසාදිතයින් අතර ආයෝජන ප්‍රවර්ධණ කලාපයේ සේවක සේවිකාවන්ද, සීදුව පොලීසියේ පොලිස් නිලධාරින් දෙදෙනෙක්, සහ ප්‍රදේශවාසීන්ද ඒ අතර වෙති. එම පිරිස වෛද්‍ය ප්‍රථීකාර කරා යොමු කර ඇති අතර ආශ්‍රිතයන්ව හදුනා ගැනීමටද කටයුතු කරමින් ඇති බවද ප්‍රධාන පරිපාළන මහජන සෞඛ්‍ය නිලධාරි තුමා කීය.
නිශ්ශංක – සීදුව