සීදුව හිටපු නියෝජ්‍ය නගරාධිපති මත්කුඩු සමඟ හසුවේ

0
325
Young man in handcuffs

පසුගිය දිනක හෙරොයින් නමැති මත්කුඩු වලට ඇබ්බැහි වූ සිදුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු බඩල්ගම පොලිසිය විසින් දිවුලපිටියදී අත්අඩංගුවට ගෙන තිබිනි. අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී මෙම නාගරික මන්ත්‍රීවරයා සන්තකයේ රුපියල් ලක්ෂ හතරක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු ද තිබූ බවට වාර්තාවේ.

අත්අඩංගුවට පත් මෙම නාගරීක මන්ත්‍රීවරයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ඔහුට මත්කුඩු සපයන ජාවාරමේ ප්‍රධාන නියෝජිතයෙකු ලෙස සිදුව නගර සභාවේ හිටපු උප නගරාධිපතිවරයෙකු පිළිබඳව හෙළිදරව් වී තිබේ.

කලක පටන් සිදුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන මෙම ජාවාරමේ ප්‍රධානියෙකු වන  මෙම සැකකරු පසුගිය වාරයේ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙසද කටයුතු කර ඇත .

සීදුව ප්‍රදේශයේ පොදු ජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලකයෙකු ලෙස ප්‍රකට මෙම හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඊයේ දිනයේ එනම් 02/05/2024 දින බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහුට අයත් මීගමුව -කුරණ ප්‍රදේශයේ ඇති සුපිරි නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී තවත් මත්කුඩු තොගයක් සොයාගෙන ඇති බවද වාර්තාවුනි.

මේ අනුව මෙම සැකකරුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව රැඳවුම් නියෝග යටතේ මෙම සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් බඩල්ගම පොලිසියට අවසර ලබාදී තිබේ.