සීදුව MOH ස්ටාෆ් එක වැඩ වෙලාවේ අධිවේගය නරඹන්ඩ ගිහිල්ලා

0
81

ඊයේ  එනම් 24 වනදා සීදුව  MOH කාර්යාලය පෙරවරු 11.30 සිට  පස්වරු 1.30 දක්වා
වසා තිබුණි.  එයට හේතුව වී තිබුණේ  එම කාර්්‍ය මණ්ඩලය කටුනායක අධිවේගී මාර්ගය නැරඹීමට යාමයි.
මෙම අවස්ථාවේ දී  සීදුව එම්.ඕ.එච් කාර්යාල‍යට වෛද්‍ය සහතිකයක් ගැනීම සදහා රෝගීන්
පිරිසක් ගොස් සිට ඇති අතර එම අවස්ථාවේ දී එහි කිසිවෙකුත් සිට නොමැති අතර
MOH කාර්යාලය වා වසා තිබී ඇත. එයට හේතුව විමසන අවස්ථාවේදී  ඔවුන් සියල්ල අධිවේගී
මාර්ගය නැරඹීම වෙනුවෙන්  පිටත්ව ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත.  වාර්තා වන අන්දමට  සේවයේ නිරතව සිටි වෛද්‍යවරු තිදෙනෙකුත් හෙද සොහොයුරියක් හා කම්කරු සේවකයන් පිරිසක් මෙසේ  සේවයෙන් ඉවත්ව අධිවේගී මාර්ගයේ සිරි නැරඹීමට ගොස් තිබේ.
සිය රාජකාරී වේලාවේදී කාර්යාලය වසා දමා  කිසිවෙකුත් නොසිට රාජකාරියෙන් ඉවත්වීම බරපතල වැරැද්දක් වන අතර මහජන මුදලින් නඩත්තු වන ආයතන මෙසේ වගකීම් විරහිතව හැසිරීම ලංකාවට  අපකීර්තියකි
.

new

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here