සීදූව කොරෝනා වැඩිම අවදානම් කලාපයක්..

0
170
1592807382 73a4cc test kits 2

සීදුව නගර සභාව විසින් අද කටුනායක ප්‍රදේශය අවට අතුරු පාරවල් වලට යමින් ජනතාව දැනුම්වත් කරමින් සිටියේ සීදූව MOH කොට්ටාශය තුල මේ වන විට කොරෝනා වෛරසය පැතිර යමින් තිබිම ගැනය.
ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි තිබුන වැඩිම ආසාදිතයන් මේ වන විට සිටින්නේ සීදුව ප්‍රදේශයේය.95 දෙනෙකු ඊයේ දිනට පමණක් වාර්තා වි තිබුණි.
නිදහස් වෙළද කලාපයද පිහිටා ඇති මෙම MOH කොට්ටාශය තුල විශාල නේවාසිකාගාර ප්‍රමාණයක්ද පිහිටා තිබිම තුල අවධානම තවත් වැඩිවෙමින් තිබේ.
නිදහස් වෙළද කලාප සමාජ ක්‍රියාකාරින් දැනටමත් පෙන්වා දි ඇති පරිදි ආසාදිතයන් ලෙසින් හදුනාගත් රෝගින්ව කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවිමට නිරන්තරයෙන් පමා වෙමින් තිබිම නිසා ඒ අයට පවා ඉන්නට සිදුව ඇත්තේ කුඩා ඉඩක් සහිත නේවාසිකාගාර තුලමය.
මේ තත්වය බරපතල අවධානමක් නිර්මාණය කරමින් තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here