සීදූව දවිසමර මහ විද්‍යාලය ක්‍රීඩා පාසලක් ලෙස දියුණු කිරීමට නිර්දේශයක් !

0
77

15994918_1155872431197027_6500825748764640062_o

 

15937236_1155872417863695_1155886521461657014_o රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව සදහන් කළේ දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 64 වන ජන්ම දිනය නිමිත්තෙන් සීදූව දවිසමර මහ විද්‍යාලයට ඩෙස් පුටු සහ සංනිවේදන උපකරණ කට්ටලයක් පිරිනැමීමට අද (2017.01.11) පෙරවරුවේ එක්වෙමිනි.

දවිසමර විද්‍යාලය වොලිබෝල් ක්‍රීඩාව අතින් ඉහලට ඔසවා තැබීමට ජෙයරාජ් මැතිතුමා කටයුතු කළා.ඒ අනුව ජාතික මට්ටමේ ක්‍රීඩකයින් රැසක් එම විද්‍යාලයෙන් බිහි වී තිබෙනවා.එපමණක් නොව ජාත්‍යාන්තර මට්ටමේ ගෘහස්ත වොලිබෝල් ක්‍රීඩාංගණයක් ලබා දීමට අප පියවර ගෙන තිබෙනවා.අද වන විට උසස් ප්‍රමිතියෙන් වොලිබෝල් ක්‍රීඩා පැවැත්වීමට මෙම ක්‍රීඩාංගණය මඟින් පහසුකම් සැපයෙනවා.මේ සියළු දේවල් සඳහා මූලිකත්වය ගත්තේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමායි.

විදුහල්පතිතුමා හා දෙමාපියන් මඟින් ඉල්ලා සිටියේ මෙම පාසලට ඇති ඉල්ලුම නිසා 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්ට ඩෙස් පුටු හිඟයක් පවතින බවයි.ඒ අනුව රුපියල් ලක්ෂ 04 ක ප්‍රතිපාදන යොදවා ඒ අඩුපාඩුව සපුරන්නට අද හැකියාව ලැබුණා.ඒ වගේම මෙම පාසලට අවශ්‍ය සංනිවේදන උපකරණ කට්ටලයක් ලබා දීමටත් අද කටයුතු කරනවා.

දෙමාපියන් වන ඔබගේ වගකීම වන්නේ ලකුණු පසු පස හඹා යන දරුවන්ට වඩා කුසලතා සහ ගුණගරුක දරුවන් බිහි කිරීමයි.ඒ වෙනුවෙන් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස්කම් වලට භාජනය කරමින් තිබෙනවා.ඒ අනුව නව විෂයධාරා හඳුන්වාදෙමින් රැකියා ලෝකයට ගැලපෙන පරිදි දරුවාට අධ්‍යාපනය ලබන්නට පහසුකම් ලැබී තිබෙනවා.