සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ
මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි බද්ද යලි ඉහළ නංවා තිබේ.
සීනි බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 300,- 325 වශයෙන් වැඩි වන බව ද ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය