සී.අයි.ඩී එකේ 704 කට රට ගමන් තහනම් ? නම් ලයිස්තුව ගුවන් තොටට !

0
332

airport-bandaranaikeඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25)  දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබෙන බව ada.lk වෙබ් අඩවිය සදහන් කරයි.

ඒ අනුව මෙම නිවේදනය අද  දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර , මේ වනවිට එම නාම ලේඛන පරිගණකගත කිරීමට පියවර ගෙන තිබෙන බවද වැඩිදුරටත් එහි සදහන්ය.

රාජපක්ෂ පාලන සමයේ සිදුකරන්නට ඝාතන ,පැහැර ගැනිම් පිළිබදව පරික්ෂණ සිදුකරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සි සිල්වා  සිය දරු පවුල ද සමඟින් ඊයේ (24)  දින දහවල් 12.50 ට ස්විට්සර්ලන්තය වෙත යෑමෙන් පසු මෙම නියෝගය පනවා තිබේ .

මෙරට කිර්තිමත් අපරාධ පරික්ෂණ නිලධාරියෙකු වන ශානි අබේසේකර මේ වන විට ස්ථාන මාරුවක්ද ලබා දි තිබෙන අතර මාධ්‍ය හමුවේ පෙනි සිටින රාජපක්ෂ හිතවාදි භික්ෂූන්වහන්සේලා පවසා සිටින්නේ ඔහුව අත්අඩංගුවට ගත යුතු බවය.කෙසේ වෙතත් මතුවෙමින් එන මේ නිලධාරි දඩයම ගැන විපක්ෂය හෝ අනිකුත් දේශපාලන පක්ෂ සිය විරෝධය පළකරමින් ස්වාධින පොලිස් කොමිසම නිසි ලෙසින් ක්‍රියාත්මක කළ යුතුය යන බලපෑම නව රජයට කිරිමට තවමත් මැදිහත්වි ඇති බැව් නොපෙනේ.FB_IMG_1574435438273
විශේෂයෙන්ම ශානි අබේසේකරගේ ස්ථාන මාරුව පිළිබදව තරුණ ජනමාධ්‍යවේදින්ගේ සංගමය මෙන්ම ශ්‍රිලංකා වෘත්තිය ජනමාධ්‍යවේදින්ගේ සංගමයද නිවේදන නිකුත් කරමින් එහි ඇති අසධාරණය මතුකොට තිබේ.
ශානි අබේසේකරගේ ස්ථාන මාරුව පිලිබදව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන දෙමළ සන්ධානය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.සුමන්තිරන් මහතාද සදහන් කර ඇත්තේ එය දේශපාලන පෙළඹුමක් මත සිදුකර ඇති ස්ථාන මාරුවක් බවය.
එමෙන්ම ස්වාධින පොලිස් කොමිසම ගැන මෙන්ම ඇත්තේ පවතින මේ වතාවරණය තුල ප්‍රධාන විපක්ෂය වගකීම ගැන ඔහු ප්‍රශ්ණ කොට තිබේ.
කෙසේ වෙතත් යහපාලන රජය විසින් ස්ථාපිත කළ ස්වාධින කොමිසම් මේ වන විට වත්මන් පාලනය හමුවේ අභියෝගයට ලක්වෙමින් තිබේ.
ඒවා රැකගැනිම පෙරට විත් කටයුතු කරනවා වෙනුවට මේ විට ප්‍රධාන විපක්ෂය කුලල් කාගනිමින් සිටිති.
සුමන්තිරන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here