සී නෝර් පදනම විසින් ප්‍රථම වරට නිපදවන ලද බහුදින ධීවර යාත්‍රා දෙකක් දියඹට

0
81

4eef4a596d38beb0d42ab8ad4da6b7b0_Lසී නෝර් පදනම විසින් ප්‍රථම වරට නිපදවන ලද අඩි 59ක දිගින් යුත් බහුදින ධීවර යාත්‍රා දෙකක් දියඹ ගත කිරීම පසුගියදා මට්ටක්කුලිය සී නෝර් පදනමේ ජැටියේ දී සිදුවිය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් සියයට 50 සහනාධාර පදනම යටතේ බහුදින ධීවර යාත්‍රා නිපදවීමේ ව්‍යාපෘතියක් 2017 වසරේ දී ආරම්භ කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සී නෝර් පදනම විසින් ක්‍රියාත්මක කරන ලද අතර ඒ යටතේ අඩි 55ට වඩා දිග බහු දින ධීවර යාත්‍රා 10ක් නිපදවීමට පියවර ගන්නා ලදී.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණු අතර එහිදී අමාත්‍යවරයා විසින් එම බහුදින ධිවර යාත්‍රා දියඹගත කරනු ලැබීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ හා සී නෝර් පදනමේ සභාපති ජගත් පෙරේරා යන මහත්වරු සහභාගි වුහ.

 www.news.lk