සී ප්ලේන් අරගලයේ නඩුව ජූලි 11 වනදා

0
112

ආණ්ඩුව විසින් මීගමුව කලපුවේ ආරම්භ කිරීමට ගිය සී-ප්ලේන් ව්‍යාපෘතියට විරුද්ධත්වය පල කරමින් ඊට එරෙහිව සිදු කල අරගලයේදී නායතක්වය ගත්   මාකස්  සහ අරුණ රොෂාන්ත යන ධීවර නායකයින් දෙදෙනාට විරුද්ධව මීගමුව පොලිසිය විසින් පවරා ඇති නඩුව අද එනම් 2011 මාර්තු 27      වැනි ස`දුදා දින පෙරවරුවේදී මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැ`දවනු ලැබිණි.  එහිදී පැමිණිල්ල  වෙනුවෙන් මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක සෝමසිරි ලියනගේ මහතා අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරමින් ප‍්‍රකාශ කලේ රජය විසින් ධීවරයන්ගේ විරෝධය පරිදි මෙම සී-ප්ලේන් ව්‍යාපෘතිය මීගමුව කලපුවෙන් වෙනත් ස්ථානයකට ගෙන යන්නට තීරණය කර ඒ බව ප‍්‍රකාශ කර තිබියදීත් මෙම සැකකාර ධීවර නායකයන් දෙදෙනා රජය අපහසුතාවයට පත් වන ලෙස අත් පතී‍්‍රකා බෙදා හරිමින් ජනතාවට වැරදි ආකල්පයක් ඇති කරමින් පෙලපාලි පැවැත්වීමට පවා ජනතාව පොළඹවමින් පොදු දේපල වලට හානි කිරීමට උත්සාහ කල බවයි. එම නිසා මේ දෙදෙනාව අත්අඩංගුවට ගත් බවත් මේ එක් නායකයෙකු දැනටත් මානව හිමිකම් වලට පවා ගොස් ඇති බවත්  ඇති බවත්  මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ස`දහන් කලේය.

අනතුරුව, මෙම නඩුව ලබන ජුලි මාසයේ 11 (2011/07/11* වැනි දිනට කල් තැබිණි.