සී ප්ලේන් ධාවන පථ 150 ක් ! මිගමු කලපුවට මොකද වෙන්නේ ?

0
42
රාජපක්ෂ පාලනයේ සි ප්ලේන් ව්‍යාපෘතියට ඒරෙහිව මතුවු ධිවර උද්ඝෝෂණය

දිවයිනපුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හඳුනා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටින බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.

මෙම ස්ථාන සංචාරක ආකර්ෂණීය ජලජ ගුවන් ධාවන පථ ලෙස සංවර්ධනය කිරිමට රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.

ඒ අනුව මේ වන විට ජලජ ගුවන් පථ 11 ක් ක්‍රියාත්මක වන අතර බෙන්තොට ගඟ, කැළණි ගඟ, පොල්ගොල්ල ජලාශය, දියවන්නා ඔය, වික්ටෝරියා ජලාශය, මාවුල්ල කළපුව, කාසල්රී ජලාශය, නුවරඑළිය ගෙග්‍රරි වැව, තිස්ස වැව, කොග්ගල කළපුව හා මඩකලපුව කළපුව එම ස්ථානවන ඒ් අතරේ වේ .

බේරේ වැව, ආරුගම්බේ, දඩුගම් ඔය, අම්පාර කොණ්ඩුවට්ටුවාන් ජලාශය, බදගිරිය වැව, ඉරණමඩු ජලාශය, කල්පිටිය ඕලන්ද බොක්ක, වාලච්චේන කළපුව වැනි ප්‍රදේශවල ජලජ ගුවන් ධාවන පථ මීට පෙර ක්‍රියාත්මක වුවද මේ වන විට ඒවා අතහැර දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය දන්වා ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යනයක් සිදු කර ඇති අතර නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනාගෙන ඇති අතර ඉදිරියේ දි මෙම ප්‍ර දේශවල ආයෝජකයන්ගේ ද සහාය ඇතිව ජලජ ගුවන් පථ පිහිටුවීමට ඇති හැකියාව සොයා බලමින් තිබෙන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක කර්මාන්ත යථා තත්ත්වයට පත් කිරිමේ දි සංචාරක ආකර්ෂණීය ස්ථාන හා නව සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව ඇමතිවරයා කීවේය.

මේ අතර ඇමතිවරයා විසින් දඩුගම් ඔය ගැන පවසා තිබුන අතර පැවැති රාජපක්ෂ පාලනය මිගමුව කලපුව කේන්ද්‍රකොට ගෙන දඩුගම් ඔයද සී ප්ලේන් බස්සන තැනක් ලෙසට යෝජනාවි තිබුණද මිගමුවේ ධීවරයන් විසින් දියත් කරන්නට යෙදුන දැවැන්ත විරෝධතාවය හමුවේ මිගමු කලපුවේ සී ප්ලේන ව්‍යපෘතිය හකුලා ගැනිමට රාජපක්ෂ පාලනයට එදා සිදුවිය.
මුලාශ්‍රය – ලංකාදිප