මීගමුව බස්නැවතුමේ වම් පස තීරුවේ පදකයින්ට ගමන් කිරීමට ඇති ඉඩකඩ අහුරා කඩ පේලියක් සාදා ඇති අතර එම කඩ පේලි අතර රෙකෝඩ් බාර් එකක්ද තිබේ. එහි නම ‘ සිල්වර් එන්ටර්ටේන්මන්ට්’ වේ.
මේ සිල්වර් රෙකෝඩ් බාර් එක ගැන ලියන්නට සිදුවූයේ එහිදී මගියෙකු ලෙස මාගේ අයිතිවාසිකමක් උල්ලඝනය වූ බැවිනි.
අද පෙරවරුවේ එම බස්නැවතුමේ මදක් නැවතී සිටියේ මිතුරෙකු මුණ ගැසීම සඳහාය. එතෙක් කරන්නට දෙයක් නොමැති හෙයින් රාවය පුවත්පතක් මිළදී ගෙන කියවන්නට පටන් ගතිමි. ඒ අතර වරින් වර ඉහළින් එල්ලා ඇති රූපවාහිනී තිරයේ දිස්වන ප්‍රවෘත්ති අසන්නට උත්සාහ කළද මහා ශබ්ද ඝෝෂාවක් නිසා කිසිවක් ඇසෙන්නේ නැති විය.
බස් කොන්දොස්තරවරු බස් ගැන මහ හඩින් කරන දැනුම්දීම් ද නොඇසෙන තරමට සංගීතයක් දිගටම වාදනය වෙ. ටිකක් විමසිලිමත්ව බැලූ විට පෙනී ගියේ මෙම රෙකෝඩ් බාර් එකයි. ඇත්තෙන්ම එහි රැදී සිටින මගීන්ට බස් එනතෙක් රැදී සිටිමින් තමන්ගේ පුද්ගලික දුරකථන ඇමතුමක් පවා ගන්නට නොහැකි තරමට මෙම සංගීත කඩයේ ශබ්දය මහත් හිරිහැරයක් විය. රූපවාහිනියේ යන නරඹනවා පමණි අසන්නට නොහැකිය.
බස් කොන්දොස්කරලා ද තමන්ගේ කෑ ගැසීම දෙගුණයක් කරමින් කෑ ගසන්නට සිදුවී ඇත. ඒ අසල සිටින මගීන්ට නම් දෙය්යන්ගේම පිහිටය.
අඩුම තරමේ එහි හිමිකුරුවන්ට සාමාන්‍ය අවබෝධයක් තිබිය යුතුය. නැත්නම් මෙම බස්නැවතුම පාලනය කරන නිලධාරීන්ට මේ ගැන කල්පනා විය යුතුය.
සියල්ල වෙළෙඳුන් වෙනුවෙන් පමණකි. පුද්ගලයන්ගේ නිදහසට හෝ සැනසීමට කිසිදු ඉඩ කඩක් නොමැත.
මේ තරම් දියුණූ මොඩලයකට තනා ඇති මීගමුව බස්නැවතුමට මේ සිදුවෙමින් තිබෙන්නේ කුමක්දැයි සිතන විට ඇතිවන්නේ මහත් කණගාටුවකි. එහෙත් මේවා ගැන කතා කරන්නට ද සාමාන්‍ය මගී ජනතාවට හෝ නගරයේ පුරවැසියන්ටද කිසිද උවමනාවක් ඇති බවක් නොපෙනේ.
මෙම නවින බස්නැවතුම ඉදිකළ දේශපාලකයන්ට එදා ඇවැසිව තිබුනේ සාප්පු සංකිර්ණයක් අස්සේ බස්නැමතුම් පළක්ද ඉදිකරන්නටය.
බස් මගියන් ලෙස අපි දැන් ගෙවන්නේ එහි වන්දියයි.