සුගිර්තරාජන් ඇතුළු ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් පිළිබද සැමරුම මඩකලපුවේදි !

0
71

රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරනු ලැබු සුගිර්තරාජන් මාධ්‍යවේදියාගේ 14 වන සමරුම මඩකලපුව නගර මධ්‍යයේ ජනවාරි 25 වෙන්දා සිදුකරනු ඇත.
පසුගිය කාලය කල සැම වසරකදි සුගිර්තරාජන් රාජන් ඇතුළුව ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44දෙනාට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මඩකලපුවේ ගාන්ධි උද්‍යානය අසලට රැස්වු මාධ්‍යවේදීන් මෙන්ම පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ද සිවිල් ක්‍රියාධරයන් මේ සැමරුමට එක්විමට නියමිතය සිටි.

????????????????????????????????????

”Trinco 5” නමින් ලොව පුරා ප්‍රසිද්ධයට පත්වු ත්‍රිමලයේ සිසුන් 5 දෙනෙකු රාජපක්ෂ පාලන සමයේදි ඝාතනය කර තිබුනේ 2006 වසරේ ජනවාරි 02 වනදාය.
රාජපක්ෂ රෙජිමය මෙන්ම දකුණේ මාධ්‍ය බහුතරයක් මේ මරණ ගැන කියා සිටියේ මේ සිසුන් මිය ගොස් තිබුනේ හමුදාවට අටවන්නට ගෙනා බෝම්බයක් පුපුරා යාමෙන් බවය.
එහෙත් රාජපක්ෂ රෙජිමයෙත් ඔවුන් කටහඩ සැපයු අතිබහුතරයක් දකුණේ මාධ්‍යකරුවන්ද අභියෝගයකට ලක්කරමින් නැගි සිටි එක් විරෝධාර නිර්භිත මාධ්‍යවේදියෙකු විය.
ඔහු නමින් සුබ්‍රමනියම් සුගිර්තරාජන්ය.
එවකට ඔහු සේවය කරමින් තිබුනේ සුඩරෝලි පුවත්පතේය.
මිය ගිය සිසුන්ගේ  සිරුරු වල වු වෙඩි උණ්ඩ පහරවල් නිර්භවය ඡයාරූපයට නැගු ඔහු සිය මාධ්‍ය මෙහෙවර හරහා ඔප්පු කර සිටියේ මෙම සිසුන් 5 දෙනා  ලගසිට වෙඩිතබා ඝාතනය කර ඇති බවය.
පශ්චාත් මරණ පරික්ෂණවලදිද හෙලිව තිබුණ මේ සාක්ෂිවලට ජිවය දි තිබුනේ සුගීර්තරාජන්ගේ කැමරා කාචය තුලිනි.Rajan_Sudar_Oli_24_01_06_1
මෙම සිදුවිම නිසා රාජපක්ෂ කුලිහමුදාවන් ඔහු පසුපස ලුහුබැද 2006 ජනවාරි 24 වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එවකට 35 වැනි පසුවු ඔහු දෙදරු පියෙකු විය.Rajan_Sudar_Oli_24_01_06_3_50061_435
වයස අවුරුදු 17 සහ 16 පුතෙකු සහ දුවක සමගින් සුගීර්තරාජන්ගේ බිරිද දැනට දිවි ගෙවන්නේ සුගිර්තරාජන්ගේ මව සමගින් කල්මුනේ නගරයේය.
ඝාතනය පිළිබදව පොලිස් පරික්ෂණ නැවති ඇත.
ඝාතකයන් නිදැල්ලේය.
සුගිර්තරාජන් නම් වු නිර්භිත ප්‍රාදේශිය මාධ්‍යවේදියාගේ  14 වන  ඝාතන  සමරුව 2020  ජනවාරි 24 වනදාට යෙදි ඇත.ඒ දිනය සමරමින් සුගිර්තරාජන් ඇතුළු ඝානයට ලක්වු සියලු මාධ්‍යවේදින් සමරමින් 2020 ජනවාරි මස 25 වෙනිදා මඩකලපුවේදි මේ සැමරුම පැවැත්වෙනු ඇත.

නැගෙනහිර මාධ්‍ය⁣වේදින් එකමුතුව විසින් මෙය සංවිධානය කරනු ඇත.

dav

dav