සුජිත්ගේ අවනඩුව මානවහිමිකම් කොමිසම හමුවට …!

0
101
මිගමුවේ පරිපාලන අධිකාරයෙන් යුක්තිය ඉටුනොවුන සුජිත්ලා .
මිගමුවේ පරිපාලන අධිකාරයෙන් යුක්තිය ඉටුනොවුන සුජිත්ලා .

වසර 2 ක් යනතුරුත් විසදුමක් නොලැබුන සුජිත්ලාගේ අවනඩුව මේ වන විට ශ්‍රිලංකා මානවහිමිකම් කොමිසමේද අවධානයට යොමුව ඇත්තේ පසුගියදා මාධ්‍ය වලින් කරන්නට යෙදුන හෙළිදරව්ව මත මේ ගැන විශේෂ විමර්ශණයක් ඇරඹිම වෙනුවෙන් මිගමුවට පැමිණිමෙන් පසුවය.

පුදුම ග්‍රාමසේවකලා .

කුඩාරම නිති විරෝධිබව පෙන්වා දිම සදහා ඡායාරුප ගතකරන ග්‍රාමනිලධාරිවරයා



තමන්ගේ වසමේ පිඩාවට පත්ව සිටින පවුලකට ආදාලව රාජ්‍ය විසින් ඉටුකළ යුතු මුලික වගකිම ගැන මැදිහත්විමට සිටින පහලම රාජ්‍ය නිළධාදාරියා වන ග්‍රාම සේවක පවා සුජිත්ලාගේ දුකසැප බලන්නටවත් ඔවුන්ගේ තාවකාලික කුඩාරම කිසිදිනක පැමිණ තිබුනේ නැත.

විසදුම් නොලැබුනොත් කොළඹට කැදවා විමර්ශනයක් .

මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමි



අපට එවැනි අයට කියන්නට වන්නේ පුදුම ග්‍රාමසේකලා යැයි කියාය.
කෙසේ වෙතත් මානව හිමිකම් කොමිසම සුජිත්ලාගේ දුක්ගැනවිල්ල දැනගත් පසු විශේෂ විමර්ශනයක් කිරිම සදහා පසුගිය අගහරුවාදා දිනයේ මිගමුව දූව ග්‍රාමයට පැමිණ තිබිම මේ පසුබිම තුල ඉතාමත් වැදගත්ය.

ග්‍රාම නිළධාරිවරයාගෙන්ද අදාල විස්තර විමසා සටහන් කරගත් බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් සුජිත් පවසා සිටියේ ඉක්මන් විසදුමක් නොලැබෙන්නේ නම් අදාල පිරිස් සහ සුජිත්ලාවද කොළඹට කැදවන බවය.