


තමන්ට හිමි නිවස වෙරළ ඛාදනය හේතුවෙන් අහිමිව ගිය සුජිත්ලාගේ දරුපවුලට සහනයක් සලසනු වෙනුවට ඔවුන්ව තවත් අසරණ කරන්නට ඇතැම් රාජ්‍ය නිළධාරින් මෙන්ම දූව ගම්මානයේ අපුරු ගංකාරයන් දෙතුන් දෙනෙක් කටයුුතු කරද්දි මුළු ගමක් සුජිත්ගේ හයියට පෙළගැසුණි.
තමන්ගේ පැල්පත මිල්ටන්ලා විසින් අධිකරණ නියෝග ගෙන තිරිසන් ලෙසින් කඩා දැමුවද යනඑන මං නැතිවු සුජිත්ලා යන්තම් කුඩාරමක් අටවා ගෙන මේ ශිතලේ පවා එකට ගුලිවි සිටිති.,


රජය නියෝජනය කරන ග්‍රාම නිළධාරියාද අපුරුම ගංකාරයෙකි.
තම වසමේ පවුලක් අන්ත අසරණව සිටිද්දි ඔහු කටයුතු කර ඇත්තේ කෙසේදැයි ඔහු තම හෘද සාක්ෂියෙන් ප්‍රශ්ණ කර ගත යුතුව ඇත.
සුජිත්ලාගේ කඳුළු වලට පිටුපා දෙතුන් දෙනෙක් එසේ කටයුතු කරද්දි ගමක් හිටගත්තේ සුජිත්ලා සමඟය.





සුජිත්ලා තනි නොකර මේ අරගලයට නායකත්වය දුන් එජාප නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් ප්‍රනාන්දුද ගමේ සියළු දෙනා හා එක්ව මේ සටන අත්නොහැර කරගෙන යති.
දැන් රජයේ නිළධාරින් ඇතුලු බොහොමයකගේ ඇස් ඇරි තිබේ.
සමඟි ජනබලවේගයේ මිගමුව ආසන සංවිධායක සහ එහි මානව හිමිකම් ප්‍රධානි දොස්තර කාවින්ද ජයවර්ධනද අද සුජිත්ලාගේ අසරණ කම දැක බලාගැනිමට මේ කුඩාරම අසලට පැමිණ තිබුණි.
ඔහුගේ සහය සුජිත්ලා වෙනුවෙන් බවත් එහිදි අවධාරණය කර ඇත.
එහි සිටම ප්‍රාදේශිය ලේකම්වරියවද අමතා කරුණු විමසු බවද දූවේ ගම්වාසින් මිපුර වෙබ් අඩවිය හා පවසා සිටියහ.
කෙසේ වෙතත් මේ අරගලය දැන් ජනතාවගේ අරගලයක් බවට පත්ව තිබේ.තවදුරටත් රාජ්‍ය නිළධාරින්ට බෝල පාස්කරමින් අසරණයන් තලා පෙලෙන්නට ඉදිරියේදි ඉඩ නොලැබෙනු ඇත
ඡායා- පුරවැසි මාධ්‍යවේදි නුවන් හර්ෂ
