සුජිත්ලා පිටුපස හඹා යමින් දුන්ගාල්පිටිය පොලිසිය මේ ඉටුකරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද ?

0
434

වෙරළ ඛාදනය හේතුවෙන් සිය නිවසෙන් ඉවත්වන්නට සිදුවු සුජිත්ලාගේ දරු පවුල අරභයා දුන්ගාල්පිටිය පොලිසිය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් ඇති අකාරය ගැන බරපතල විවේචන කිපයක්ම දැනටමත් මතුව තිබේ.
ඒ සියල්ලේ හරය ඉතා ගැඹුරින්ම සලකා බලන විට හැගි යන්නේ ඔවුන් මේ ඉටුකරමින් සිටින්නේ කාගේ කෝන්ත්‍රාතුවක්දැයි කියාය.



වෙරළ ඛාදනය නිසා අවතැන්කරනු ලබන සුජිත්ලා..

2019 ජුලි මාසයේ සිට අවතැන්ව තැන් තැන්වල සිටි දරුවන් 4 දෙනෙකුගෙන් යුත් සුජිත්ලාගේ පවුල දැන මාසයක පමණ කාලයක පටන් සිටින්නේ තම හිතවතෙකුට අයත් ඉඩමක් තාවකාලික කුඩාරමක් අටවාගෙනය.



පොලිසියේ කඩිමුඩිය කා වෙනුවෙන්ද ?

පසුගිය 28 වෙනිදා රාත්‍රි 9 ට පමණ දුන්ගාල්පිටිය පොලිසියෙන් කඩිමුඩියේ පැමිණ කියා තිබුනේ සුජිත් හට වරෙන්තුවක් ඇති බවත් රාත්‍රි 9.30 ට පමණ වන විට පොලිසියට පැමිණෙන ලෙසත්ය.

පසුව සුජිත් එහි පැමිණි පොලිස් නිළධාරියාට තේරුම්කර දි තිබුනේ සිය තරුණ දියණියන් හා බිරිදව තනිවම දමා ඒ වෙලාවේ පොලිසියට පැමිණිමට නොහැකි බවය.
එහෙත් පොලිස් අණ වෙනස් නොවිය.
කෙසේ හෝ පැමිණෙන ලෙස යළිත් වරක් අදාල පොලිස් නිළධාරියා සුජිත් හට කියා තිබුණි
ඒ රාත්‍රියේ මහත්සේ අසරණ වු සුජිත් තමන්ගේ අසරණභාවය ගැන දැනුම් දි උපදෙස් ඉල්ලා තිබුනේ ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමේ නිළධාරි මහතෙකුගෙනි.

ඔහු විසින්ද උපදසේ දි තිබුනේ පසුදා පොලිසියට යන ලෙසය ,ඉන් නොනැවතුනු ඒ නිළධාරි මහත්තමයා පසුව දුන්ගාල්පිටිය පොලිසියේ ස්ථානාධිපති රණසිංහ වෙත මේ ගැටළුව ඉදිරිපත් කර තිබුණි.,එහිදි පොලිස් ස්ථානාධිපතිවරයා කියා තිබුනේ සුජිත්ට එරෙහිව වරෙන්තුවක් ඇති බවය.

මේ වරෙන්තු කථාව අපට නම් හැගුනේ වරත්තු කථාවක් ලෙසිනි. මන්ද සුජිත්ට එරෙහිව වරෙන්තුවක් ඇති බවක් කිසිවිටකවත් සුජිත්ට දැනුම් දිමට දුන්ගාල්පිටිය පොලිසිය විසින් කටයුතු කර තිබුනේ නැති නිසාය

පිස්කල් නියෝගය පැමිණිලිකරු විසින් ක්‍රියාත්මක කළ අයුරු රටම දැකගත්තේය

අධිකරණ නියෝගයක් ලබාගෙන තාවකාලි පැල්පත පවා කඩා දමන මිල්ටන්ලා



සුජිත් විසින් තාවකාලික අටවාගනෙ සිටි පැල්පත 2021 ජනවාරි 21 වෙනිදා පිස්කල් නියෝග මතින් පැමිණ පැමිනිල්ල දමා තිබුන මිල්ටන් නැමැත්තා විසින්ම කඩා දමන ආකාරය මාධ්‍ය හරහා රටම දැකගත්තේය. 
එහෙත් එහි සිටි කිසිවෙකුත් අධිකරණය නියෝගය ක්‍රියාත්මක කිරිමට කිසිදු බාධාවක් නොකල බව එහි පැමිණ සිටි පිස්කල් නිළධාරියා පවා පිළිගෙන තිබුණි.
යන එන මන් නැතිවු සුජිත් තැනක් ලැබෙන තෙක් කඩා දමුන පැල්පත අසල කුඩා ටෙන්ට් රෙද්දක් ඇදගෙන දින කිපයක් සිටියේ ඊලගට යාහැකි තැනක් සොයාගන්නා තෙක්ය.

සරත් ගුණරත්නගේ පොරොන්දුව

මේ අතර 2021 පෙබරවාරි 01 වෙනිදා හිටපු ධිවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්නගේ නිවසට මිගමුව හිටපු එජාප සංවිධායක සහ මිගමුව එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා සහ සුජිත් යන්නේ මේ ප්‍රශ්ණය ගැන සාකච්ජා කරගැනිම සදහාය.
එහිදි සරත් ගුණරත්න සුජිත් රොයිස් හා සංගීත් ඉදිරියේ පොරොන්දු වන්නේ පිටිපන මහවත්ත ප්‍රදේශයෙන් ඉඩමක් කැබැල්ලක් මසක් ඇතුලත ලබාදෙන බවය.
ඒ අනුව සුජිත් සිය තාවකාලිකව ඇදගෙන සිටි ටෙන්ට් එකෙන් ඉවත් විමට එකගතාවය පළකර අතර සරත් ගුණරත්න විසින් දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාටද මේ ගැන දැනුම් දිමෙන් අනතුරුව සුජිත් එහි ගොස් ස්ථානාධිපතිවරයාවද හමුවි මේ ගැන පැහැදිලි කර තිබේ
ඉන් අනතුරුව සුජිත් යලිත් සිය ටෙන්ට් රෙද්ද යටට එන්නේ පසුදා කොහේ තැනක සොයාගැනිමට සිතාය. ඒ සරත් ගුණරත්න විසින් මසක් ඇතුලත් ඉඩමක් ලබාදෙනවා යැයි කියු පොරොන්දුව විශ්වාස කරමිනි.
එහෙත් එදිනම රැ 10 ට පමණ සුජිත්ට දුන්ගාල්පිටිය පොලිසියේ අයෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබේ.
ඉන් කියැවුනේ ඔහු තවත් හිටපු තැනින් ඉවත් ව නැති නිසා හෙට උසාවි යාමට සුදානම් වන ලෙසය.
පුදුමය වන්නේ දේශපාලන අධිකාරියට මෙන්ම පොලිසියේ ප්‍රධානියාටද කතා කොට පොරොන්දු වි පැමිණ පැය කිපයක් යද්දි ඒ පොලිසියේම තවත් අයෙකු මේ දාපු උසාවි පාට් එක ගැනය.
මෙයට පිළිතුරු දෙමින් සුජිත් කියා තිබුනේ හෙට (පෙබරවාරි 02 ) උදේ 7 වනවිට එතනින් ඉවත් වන බවය

ග්‍රාමසේවකගේ පොටෝ ඇල්ලිල්ල ..

කුඩාරමද නිති විරෝධිබව පෙන්වා දිම සදහා ඡායාරුප ගතකරන ග්‍රාමනිලධාරිවර



සුජිත් තවමත් එතින් ඉවත් වි නැතැයි පොලිසියට පැමිණිලි කරන්නට ඇත්තේ කව්දැයි අප සැබැවින්ම සොයා ගත යුතුව තිබේ.
කෙසේ වෙතත් ග්‍රාම නිලධාරිවරයාද පැමිණ සුජිත්ගේ මේ ටෙන්ට් එකේ සිටිද්දි පොටෝ ගහගෙන ගිය බවද අපට මතකය.එදින එහි නාගරික මන්ත්‍රි සංගීත් පෙරේරාද විය
එහෙත් අමතකව ඇතැයි අපට හිතෙන පොලිසියේ මහත්තුරුන්ට මෙන්ම ග්‍රාම සේවක තැනටත් කියන්නට ඇත්තේ සුජිත් හිටියේ ටෙන්ට් රෙද්දක් යට මිස තවත් ඉදිකිරිමක් යට නොවන බවය.

තවත් එක් කරුණක මෙහිලා සටහන් කළ යුතුවම තිබේ.

සුජිත්ලාට නිතිය ගැන කියන්නට යන ඇතැම් නිලධාරි තැන්ලා සිය රාජකාරිමය වේලාවන් අපයෝජනය කරමින් වෙනත් කටයුතුවල නිරතව සිටිම් ගැනද තොරතුරු ගැනද මේ සමාජය දැනුවත් බවය.

සුජිත්ලාට එක ඇගිල්ල දිග් කරන බොහෝ අයගේ දෙසට ඇගිලි තුනක්ම එල්ලවි ඇති ආකාරය මේ කව්රු කව්රුත් මතක තබාගත යුතුව තිබේ

සුජිත්ගේ පොඩිඋන් දෙන්නා විසින් රෙදි ගලවා දමයි !

ඒ ටෙන්ට් රෙද්ද පෙබරවාරි 2 වනදා හරියටම උදේ 7 වෙනකොට ඇද ගලවා දමන්නේ සුජිත්ගේ පොඩිදරුවන් දෙදෙනාව විසිනි.
(සුජිත් තවමත් අධිකරණ නියෝගයට අවතන නොවි ඉවත් නැතැයි උසාවි නොමග යවා ඇත්තේ කව්දැයි අධිකරණය හමුවේ නිවරදි කළ යුතුව ඇතැයි සුජිත් පවසා සිටි. ඒ තමන්ගේ නිර්දෝෂි බව ගරු අධිකරණය හමුවේ නිවරදිව ප්‍රකාශ විය යුතුව ඇති බැවිනි)
ඒ අනුව පොලිසියේ මහත්තුරුන්ටත් සතුට ගෙන දෙමින් ඒ මහත්තුරුන්ට දිනපතා කේල්ම් කියන දූවේ පුදුම ගංකාරයන්ට සැනසුම් සුසුම හෙලන්නට ඉඩසලමින් සුජිත්ගේ පොඩි උන් දෙන්නා විසින් පොලිස් පොරොන්දුව ඉටුකරමින් රෙදි කඩා දමා දැමු අයුරු ගැන ඡායාරුප සහ විඩියෝ සාක්ෂිද අප සතුය.
මේ සියළු යථාර්ථයන් එසේ තිබියදි සුජිත්ලා වැනි අසරණ පවුලක් පිඩාවට පත්කරන කව්රුන් හෝ වේ නම් යුක්තියේ සාධාරණත්වයේ නාමයෙන් ඒ සැමට එරෙහිවිමට යුක්තිගරුක ගැහැනුන් මිනිසුන් විශාල පිරිසක් දැනටමත් පෙළගැසෙමින් ඇතිබව ද මෙහිලා සටහන් කළයුතුව ඇත.



ඒ 2021 පෙබරවාරි 02 වනදා පෙ.ව 7 ටය

දැන් සියල්ල අවසන් යැයි කල්පනා කළ සුජිත් සරත් ගුණරත්නගේ මාසේ පොරොන්දුව ගැනද දින ගනිමින් සිටියේය. ඒ අතර තුරේ මාධ්‍ය ඔස්ස් වාර්තා වු සුජිත්ගේ දුක්ගැනවිල්ල ගැන සොයා බැලිම සදහා මානව හිමිකම කොමිසම සුජිත්ගේ තාවකාලික කුඩාරම වෙත පැමිණිම මේ අවනඩුවේ ඉතාමත් සුවිෙශ්ෂි සිදුවිමක් විය.

මෙය සැබැවින්ම සුජිත් සිය අයිතිය පතා ගෙන ගිය සටනේ ඉතාමත් තිරාණාත්මක සන්ධිස්ථානයක් වුයේ සුජිත්ට ආසාධාරණයක් කළ රාජ්‍ය නිළධාරින් සියල්ලන් පිළිබදව විමර්ශනයක් කිරිමට ඒ මගින් අවස්ථාව සැලසෙන නිසාය.

සියල්ල මෙසේ සිදුවමින් තිබියදි 2021 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ පොලිසියේ අයෙකු පැමිණි සුජිත් පොලිසි එන්නට යැයි කිවිට සුජිත් අන්දමන්ද වුයේ ඒ සදහා කිසිදු පදනමක් නැතැයි සුජිත්ට පවා ඒ වන විටත් ඉතා හොදින් වැටහි තිබුන නිසාය.

පෙබරවාරි 01 වෙනිදා සුජිත් විසින් සරත් ගුණරත්නව හමුවිමෙන් පසුව දුන්ගාල්පිටිය පොලිසියේ ප්‍රධානියා වු රණසිංහව මුණ ගැසේ . එදා කිසිදු වරෙන්තු කතාවක් කියා තිබුනේ නැත.
පසුව පෙබවාරි 01 වෙනිදා රාත්‍රියේ 10 ත් පසුව සුජිත්ට දුරකතන ඇමතුමක් දුන් පොලිස් නිළධාරියා පවා වරෙන්තු කථාවක් කියා තිබුනේ නැත.

පෙබරවාරි 01 වෙනිදා රාත්‍රි ඇමතුමක් දුන් පොලිස් නිළධාරියට දුන් ාෙපාරොන්දුව සුජිත්ගේ පොඩි දුන් දෙන්නා ඉටුකර දිමෙන් පසුව සුජිත්ට පොලිසිය කියා තිබුනේ හරි මහත්තයා දැන් රෙදි ගලවා තියෙන්නේ යැයි කියාය.
එවිට පොලිස් නිලධාරියා කියා තිබුනේ එහෙනම් හරි පෙබරවාරි 2 වෙනිදා උසාවි ඒමට අවශ්‍ය නැති බවය.
ඒ අනුව පොලිස් කථා සියල්ල නිමාවි ඇතැයි සිතුවද දැන් පෙනි යන්නේ දුන්ගාල්පිටිය පොලිසිය සුජිත්ලාව තවත් වටයක් කරකැවිමට සැලසුම්කරමින් සිටින බවය.

සිල්වාගේ දඟර පන්දුව

ඒ නිකම්ව නොවේ ඊයේ ( මාර්තු 02 ) උසාවිය පැමිණ සිල්වා නැමැති පොලිස් නිළධාරියා ගරු අධිකරණය හමුවේ කියා තිබුනේ සුජිත් අධිකරණය නියෝගයට අනුව නිසි පරිදි ඉවත්ව නැතැයි වැනි කථාවකි.
ඉන් නොවැනවතුන පොලිස් නිළධාරියා සුජිත්ගේ ඉවත් නොවිම හා සම්බන්ධ මන්ත්‍රිවරයෙකුටද සිටින බව ද ගරු අධිකරණය හමුවේ කියා තිබුන බව සුජිත් විසින් අප වෙත පවසා සිටියේය

මසක් ඇතුලත දුන්ගාල්පිටිය පොලිසිය අංශක 180කින් කැරකැවි ඇති සෙයකි.

ඒ කැරකැවිල්ල පිටුපස ඇත්තේ කාගේ කොන්ත්‍රාත්තුවක්දැයි අප ඉතාමත් අවධානයෙන් සිටින්නෙමු .සුජිත්ලා වැනි අසරණයන් තලා පෙළමින් සිල්වලා ඇතුළු මේ ඇතැම් රාජ්‍ය නිලධාරින් ඉටුකරමින් සිටින්නේ කාගේ කොන්ත්‍රාත්තුවක්දැයි රටම හෙළිකිරිම් යුක්තිය සාධාරණත්වය අගයන සැමගේ වගකිම් බවට පත්ව තිබේ.

කාගේ රෙදි ගැලවුනද ජනතාවට වගකියන මාධ්‍යයක් ලෙස සුජිත්ලා වැනි අසරණයන් සමගින් අප හිටගන්නේ මේ සකලාකාර කොන්ත්‍රාත් ගැන ඇත්ත කථාව රටටම කීම සදහාය