පක්ෂයේ විනය කඩකිරීම සහ නායකත්වය අපහාසාත්මක ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් විනය කමිටුව වෙත නිදහසට කරුණු දක්වන ලෙස අජිත් පී.ට සහ සුජීව සේනසිංහට එජාප මහලේකම්වරයා විසින් අගෝස්තු 27 වනදා දැනුම් දී තිබුණු අතර විනය පරීක්ෂණය දෙවතාවක්ම මඟහැර සිටි ඔවුන් පසුගිය 09 වනදා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකර තිබිණි.
එම ලිපි ද කරුණු දැක්වීම් ලෙස නොව විනය කමිටුව අභියෝගයට ලක්කිරීම් ආකාරයෙන් සකස් වී තිබුණු බැවින් අවසානයේ එම කමිටුව ඔවුන් දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීන්දු කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
මුලාශ්‍රය – ලංකානිව්ස්වෙබ්