— සුඩෝල් – ???..

0
283

සුඩෝල් යනු වෙළඳ නාමය වන අතර මෙය වෛද්‍යනාමය වන්න්  ට්‍රැමඩෝල් හයිඩ්‍රොක්ලෝරයිඩ් ˜ (  ) ලෙසිනි. මෙම ෙඖෂධය මිලි ග්‍රෑම් 50 ක බරින් යුත් ඛෙහෙත් පෙති වශයෙන් ශ්‍රි ලංකාවට ආනායනය කෙරේ. 1977 වසරේ ජර්මානු සමාගමක් විසින් මෙම ෙඖෂධය මුලින්ම නිෂ්පාදනය කර ඇති අතර  ලංකාවට බොහා් විට ආනයනය කෙරෙන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඒවාය. මෙය ප්‍රබල වේදනා නාශක ෙඖෂධයක් වේ.
මෙම ෙඖෂධය ලබා ගත් පසු එය සිරුර තුලදී මෝෆීන් නැමැති ෙඖෂධය ලබා ගත් පසු ඇති වන ක්‍රියාකාරී තත්වයට පත් වේ. බොහෝ විට මරණාසන්නව සිටින පිලිකා රෝගීන් සදහා මෙම ෙඖෂධය වැඩි වශයෙන් භාවිතා කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරයි.
රෝගීයෙකු හට ඇති වන කායික වේදනාව 03 න් ආකාරයකින් හැදින්විය හැකිය. එනම් සුළු වශයෙන් දැනෙන වේදනාව, මධ්‍යම ලෙස දැනෙන වේදනාව සහ තදබල ලෙස දැනෙන වේදනාව වශයෙනි. ඒ අනුව ගත් කල සුඩෝල් හෙවත්  ට්‍රැමඩෝල් හයිඩ්‍රොක්ලෝරයිඩ් නැමැති මෙම ෙඖෂධය වැඩි වශයෙන්ම ලබා දෙන්නේ තදබල වේදනාවක් සහිතව පසුවන රෝගීන් වෙතය.
පුද්ගලයෙකු වෙත පිලිකා රෝගය ඇති වන තත්වයකදී එය සිරුරේ යම් යම් ස්ථාන වලට ව්‍යාප්ත වීම සිදු වේ. එහිදී එම ව්‍යාප්තවීම අවසාන වන්නේ එම පුද්ගලයාගේ අක්මාව, පෙනහල්ල හෝ ඇට මිදුළු වලිනි. එය එම පිලිකා රෝගයේ අවසාන අවස්ථාව වීමටද හැකිය. එවැනි පිලිකා රෝගියෙකු හට නිතරම දැනෙන ඇට මිදුළු වල වේදනාව ඉතා තදබල වේදනාවක් බවට පත් වේ. එවැනි අවස්ථාවල වැඩි වශයෙන්ම මෙම ෙඖෂධය වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරයි. පිලිකා රෝගීන්ට අමතරව සිරුරේ සන්ධි වල ඇති වන නිදන් ගත රෝග වලින් පෙලෙන රෝගීන් ස`දහාද එලෙසම සංකීර්ණ සැත්කම්වලින් පසු ඉතාම තදබල ලෙස කායික වේදනාවෙන් පෙලෙන රෝගීන්ටද මෙම ෙඖෂධය ලබා දීමට වෛද්‍යවරුන් නිර්දේශ කරයි. රෝගියෙකු හට මෙම ෙඖෂධය ලබා දීමෙන් පසු එම තදබල වේදනාව සමනය වීමක් සිදු වන අතර රෝගියාට නින්දයාමද සිදු වේ.
නිරෝගී අයෙකු හෝ මත්ද්‍රව්‍ය වෙනුවට සුඩෝල් භාවිතා කරන්නෙකුට හෝ මුලිකව එම පුද්ගලයාට ඇති විය හැකි කායික වෙනස්කම් කිහිපයකි. වමනය ,අධික ලෙස දහඩිය දැමීම, බඩ වේලීම සිදු විය හැකිය.  එලෙසම මෙම ෙඖෂධය කලක පටන් භාවිතා කිරීමෙන් සිරුරේ පාලනය කර ගත නොහැකි වෙව්ලීම, නින්ද නොයාම, පපුව ගැහීම , මස් පිඩු තද වීම, ලිංගික අබාධ විශේෂයේම ලිංගික කි්‍රයාකාරීත්වය අඩුවීම සිදුවිය හැකිය. එලෙසම අපස්මාරය සහ මීමැස්මොරය (ෆිට් එක) වැනි තත්වයක් ද බොහෝ විට ඇති විය හැකිය.
තවද නිරෝගී අයෙකු මත්ද්‍රව්‍ය වෙනුවට මෙම ෙඖෂධය භාවිතා කිරීමට යොමු වී පසුව එය කෙසේ හෝ නතර කල හොත් ඉහත සදහන් කල රෝගී තත්වයන් කිහිපයකටම මුහුණ දීමට නිසැකවම සිදු වේ. එවැනි අවස්ථාවකදී සුදුසුකම් ලත් වෛදවරයෙකු විසින් නිසි උපදෙස් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. විශේෂයෙන්ම මීගමුව රෝහලේ ඇති යොවුන් මිතුරු සුව සායනයෙන්ද මේ සදහා නිසි වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගත හැකිය

  (සාකච්ජාවක් ඇසුරිනි-මීගමු රෝහලේ  වෛද්‍ය ස්ටැන්ලි ප්‍රනාන්දු ,  වෛද්‍ය නිලධාරී – යොවුන් මිතුරු සුව සායනය. )