සුඩෝල් පාමසි වලට තහනම් ?

0
273

සුඩොල්  නම් වු වේදනා නාශකය මත්විම සදහා තරුණ කොටස් අතර භාවිතා වන්නට පටන්ගැනිමත් සමගින් රජය විසින් පාමසි වලින් මේ ඖෂධය අලෙවි කිරිම තහනම් කරනු ලැබු අතර වෛද්‍ය උපදෙස් මත එය අත්‍යවශ්‍ය රෝගින් සදහා ලබාගත හැක්කේ රජයේ ඔසු සල් වලින් පමණි.
විශේෂයෙන්ම අධික වු වේදනාවෙන් පෙළෙන රෝගින් හට ලබාදෙන මේ ඖෂධය එවන් තත්වයක සිටින අයවෙත ඉතාමත් හොද එකක් වුවද මෑතක සිට රජය විසින් පනවා ඇති නිති රෙගුලාසි හේතුකොට අපහසුතාවකට පත්වන බවද වෛද්‍යවරු පවසා සිටිති.
එවන් බරපතල සිමා පනවා තිබියදිත් අද දින මීගමුවේදි සුඩොල් කරල් ලක්ෂයක් පමණ අත්අඩංගුවට ගැනිමට හැකිවිමෙන් පෙනෙන්නේ කුමක්ද??මෙය දැවැන්ත ජවාරමක් බව නොවේද ? එමෙන්ම පොලිසියද දේශපාලකයන්ද මේ ජවාරම්වල යෙදි සිටින අයරු තවත් නොබෝ දිනකින් හෙළිදරව් වනු ඇත.