
ඡායාරූප සහ සටහන /දිල්ශාන් ක්‍රිෂාන්ත
මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ පදිංචී රේමන් ප්‍රනාන්දු මහතාව මීට පෙරද අපේ වෙබ් අඩවිය හරහා හදුන්වා දුන්නේමු. රැකියාව වඩු කර්මාන්තය කරගත් රේමන් මහතා දැවමයෙන් පිළිම නෙලීමට හැකියාවක් කරගත් හපන්නෙකි.මේ වන විට පිළිම 100 ක් පමණ නිර්මාණය කර ඇති මෙතුමා තම 100 නිර්මාණය ශුද්ධෝත්තම පාප්තුමාගේ ලංකාගමන හා සබැඳෙයි.
මොරටුව විල්ලෝරවත්ත ප්‍රදේශයේ පදිංචී රේමන් ප්‍රනාන්දු මහතාව මීට පෙරද අපේ වෙබ් අඩවිය හරහා හදුන්වා දුන්නේමු. රැකියාව වඩු කර්මාන්තය කරගත් රේමන් මහතා දැවමයෙන් පිළිම නෙලීමට හැකියාවක් කරගත් හපන්නෙකි.මේ වන විට පිළිම 100 ක් පමණ නිර්මාණය කර ඇති මෙතුමා තම 100 නිර්මාණය ශුද්ධෝත්තම පාප්තුමාගේ ලංකාගමන හා සබැඳෙයි.
ජනවාරි 13 දින ලංකාදීපයට සැපත්වන වන ශුද්ධෝත්තම පියතුමා ජනවාරි 14 දින ගාලුමුවදොර ඒතුමන් අතින් දේවමෙහෙයක් පවත්වයි. එහිදී සුවුශේෂි කාරණයක් සිදු වීමට නියමිතය. ඒ ලංකාවේ සාන්තුවරයා යනුවෙන් හදුන්වන ජුසේ වාස් පියතුමා ශුද්ධවරයට එසවීමේ කටයුත්ත මෙහිදී සිදුවේ. මේ සදහා යෝදා ගැනෙන ජීවමාන ජුසේවාස් ප්‍රථිමාව නිර්මාණකරු වන්නේ මොරටුව පදිංචි රේමන් මහතායි.මෙම නිර්මාණයද මහෝගනි දැවකදකින් නිර්මාණය කර තිබෙයි. ජුසේවාස් මුනිදුන්ගේ ජීවමාන උසට සමාන උසකින් මෙම සුරුවම නිර්මිතය.
මීට අමතරව පාප්තුමා මීගමුව බෝලවලාන දෙව්සත්හල විවෘත කිරීමට අදාලව දෙව්සත්හල් දේවස්ථානයේ තිබීමට නිර්මාණය වූ ජීවමාන ප්‍රමාණයේ කුරුසීයේ ප්‍රථිමාවද රේමන් ප්‍රනාන්දු මහතා අතින් නිමවූවකි.
ශුද්ධෝත්තම පියතුමාගේ අවසන් යාක්ඥා මෙහෙය මඩු දේවස්ථානයේ පැවැත්වීමට නියමිත අතර එහිදී මන්නාරම රදගුරුතුමා විසින් ශුද්ධෝත්තම පියතුමාගේ ලංකා ගමන සිහිකරමින් වතිකානුව හා ශුද්ධෝත්තම පියතුමා වෙත පිරිනැමීමට නියමිත මඩු දේවමාතා සුරුවම ද රෙමන් මහතාගේ නිර්මාණයකි. මෙය රේමන් මහතාගේ ජිවිතයට සුවිශේෂි වන්නේ තම සියවන නිර්මාණය ශුද්දෝත්තම පියතුමාට ප්‍රධානය කිරීම නිසාය.
මෙම සියලුම සුරුවම් ශුද්ධෝත්තම පියතුමාගේ සුරතින් ආශිර්වාද කිරීමට නියමිතය.

සුද්ධෝතම පියතුමන් විසින් ගාලු මුවයේ දොර පිටියේදී ශුද්ධවරයට එසවිමට නියමිත ශු.ජුසේවාස් මුනිතුමා ගේ ජීවමාන ප්‍රමානයේ ප්‍රතිමාව



රේමන ප්‍රනාන්දු මහතා සමග අප කල සාකච්ඡාවක් පහතින් දැක්වේ.
http://www.meepura.com/2014/ 11/28/%E0%B6%9A%E0%B7%92%E0% B6%AD%E0%B7%94-%E0%B6%B6%E0% B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6% BA-%E0%B6%B4%E0%B7%92%E0%B7% 85%E0%B7%92%E0%B6%BB%E0%B7%94% E0%B7%80%E0%B6%A7-%E0%B6%B1% E0%B6%9C%E0%B6%B1-%E0%B6%9A/
http://www.meepura.com/2014/
[…] […]