සුදර්ශණිටත් විසදුම් නැතිවුන බන්ධානාගාර අර්බුදය පුපුරා යයි ? ජිවිත 8 ක් අහිමිවෙයි ….

0
88

සුදර්ශණි( 11.45 am )  රටපුරා පැතිරෙන්නට පටන් ගත් කොරෝනා වසංගත රැල්ලට සමගාමිව බන්ධානාගාර ගත අයගේ  ප්‍රශ්ණවලට කඩිනම් විසදුම් සෙවිමේ අවශ්‍යාතාවය බරපතල ලෙසින් මතුවෙමින් තිබුණද ඒ සදහා රාජ්‍ය ඇමතිණිය විසින් කරන්නට උත්සාහ ගත් මැදිහත්විම් එතරම් සාර්ථක නොවුන බව පෙනේ.
ඒ නිසාම රටපුරා බන්ධනාගාර තුල විරෝධතා රැල්ලක් මතුවිය.
මිගමුවේ පවා රැදවියෝ සිය ජිවිත ආරක්ෂාව පිළිබද ප්‍රශ්ණය මතුකොට තිබුණි.
මේ අතර ඊයේ දිනයේ මහර බන්ධනාගාරය තුල කොරෝනා ආසාදිතයන් 183 දෙනෙකු සිටින බවට සිදුකරන්නට යෙදුන පරික්ෂණ වලින් හෙළිවි තිබුණි.
මේ පසුබිම තුල එහි රැදිවියෝ ඔවුන්ට මතුව ඇති ජිවිත අවදානම් තත්වය හමුවේ කිසියම් නොසන්සුන් තත්වයක් හට ගෙන තිබුණ අතර එය පාලනය කිරිමට විශේෂ කාර්ය බලකායද කැදවා තිබුණි.
කෙසේ වෙතත ප්‍රශ්ණය ස්ථිර පිළිතුරු සොයනු වෙනුවට දැන් සිදුව ඇත්තේ ජිවිත 8 ක් අහිමිව ගොස් 50 කට අධික පිරිසක් තුවාල ලැබිමය.
බන්ධානාගාර රැදවියන්ගේ ප්‍රශ්ණව විසදිමට කිසියම් උනන්දුවක් කටයුතු කළ සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ කිසියම් නිහඩ බවක පසුවන බව ඇගේ ෆේස් බුක් පිටුව තුලින්ද දිස්වෙන්නට පටන්ගෙනය.පසුගිය දිනවල දිනපතා සිදුකරන්නට යෙදුන විවිධ මැදිහත්විම් රැස්විම් ගැන පුවත් පළවු ෆේස්බුක් පිටුව පවා දැනට සතියකට  වැඩි කාලයක් තිස්සේ යාවත්කාලින කර ඇති බවක්ද නොපෙනේ.
කෙසේ වෙතත් බන්ධනාගාර පොකුරුද 1000 ඉක්මවා යමින් දැවැන්ත අර්බුදයක් නිර්මාණය කොට තිබේ. අදාල බලධාරින් වහා මැදිහත්ව ඇත්ත පිළිතුරු නොසොයන්නේ නම් ඉතිරිවනු වනු ඇත්තේ මහර බේදවාචකය වැනි සිදුවිම් පමණක්ව වනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here