සුදර්ශණිට රාජපක්ෂලා බය ඇයි ?

0
92

sudarshani

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ අකල් මරණයෙන් පසු, කටාන ආසනයෙන් දේශපාලනයට පිවිසි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පසුගිය මහමැතිවරණයේදී 1,88,000කට ආසන්න ලබා ගම්පහ දිස්ත්‍රීක්කයේ මනාප ලයිස්තුවේ දෙවනියා බවට පත් විය. ඇයට වඩා මනාප ගෙන තිබුනේ බැසිල් රාජපක්ෂ මහතා පමණි.
ඊයේ දිනයේ පැවැති නියොජ්‍ය ඇමතිධුර ලබාදිමේදි ඇය තමාට  කාන්තා හා ළමා කටයුතු පිලිබඳ
නියෝජ්‍ය  අමාත්‍ය ධුරය  ලැබෙනු ඇතැයි බලාපොරොත්තු සහගතව සිටි බවද වාර්ථා විය
.
ක්‍රිකට් පමණක් ගැසු සනත් ජයසුරිය නියෝජ්‍ය අමැතිධුර වලින් පිදුම් ලබද්දි ශ්‍රිලනිපයේ තිරණාත්මක යුගවලදි එය රැකගෙන ජයග්‍රහණය කරා මෙහෙය වු ජෙයරාජ වැනි දක්ෂ දේශපාලකයෙකු ගම්පහින් සහ ලාංකිය දේශපාලන තලයෙන් ඉවත් කිරිමේ තියුණු සැලැස්මේ තවත් අදියරයක් ඊයේ පැවැති නියොජ්්‍ය අමැතිධුර වෙන්දේසියෙන් පසු ඉතා හොදින් සලකුණු  වි හමාරය.
එනම් රාජපක්ෂවරුන් ප්‍රනාන්දුපුල්ලේලාට කොතරම් බයකින් සිටිද යනු හොඳින් ප්‍රදර්ශනය විය.
සුදර්ශණි යනු පැවැති මහා මැතිවරණයේදි බැසිල් රාජපක්ෂට පමණක් දෙවනි වු ගම්පහ ප්‍රබලතම දේශපාලන චරිතයයි.
ජෙයරාජ් සිටියේ නම් තත්වය කෙසේ වේවිද?
පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ හෙළිව තිබුනේ බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිද බස්නාහිර මහ ඇමතිධුරය සදහා යෙදවිමේ සැලැස්මක් ඇති බවය.
මේ සියළු සැලැසුම් වලදි සුදර්ශණි  ප්‍රනාන්දුපුල්ලේ යනු ගම්පහට චරිතයකි. ඇය හැකි උපරිම අයුරින් කොන්කිරිම යනු ඇය දේශපාලනික වශයෙන් දුර්වල කිරිමකි.
මේ තත්වය අප තවත් ප්‍රදේශවලදිද  දුටිමු.
අනුරාධපුරයේදි බර්ටිලාට බය රාජපක්ෂ ලා මාතලේදි   දිමුට පමණක් නොව ඔහුගේ පුත්‍රයාටත් බය වු අන්දම  කදිමට විදහාදැක්වුණි.
ශ්‍රිලනිපය කියා පක්ෂයක් දැන් නැත. ඇත්තේ මුදල් ගෙවා ලබාගත් අනුගාමිකයන්ගෙන් සැදුම්ලත් පෙරමුණක් පමණි.
සුදර්ශණි කැපිමේ මේ දේශපාලනය කටානේ ජනතාව තේරුම් ගන්නේ කවදාද ?