සුදර්ශණිත් කුහකයි. ඇත්ත පිිළිගන්න ඇකමැතියි.

0
99

සුදර්ශණිටත් පිස්සුමෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන එක්සත් ජනතා නිදහස් සන්ධාන අපෙක්ෂකයන්ගෙන් යහපාලනයක් ගැන අඩුම තරමේ පුංචි හෝ බලාපොෙරත්තුවක් තබාගත හැකි බුද්ධිමත් අපෙක්ෂිකාවක් යැයි අප බොහෝ දෙනෙකු  සිතු විශේෂඥ  වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මැතිණියගේ බුද්ධිමත් බවේ බංකලොත් භාවය ගැන කියැවෙන මැතිවරණ ප්‍රචාරක දැන්විමක් මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රදර්ශනය වෙමින් තිබේ.

එ්වාට අනුව ගෙවුන 7 මාසයක රටේ කිසිදු වෙනසක් සිදුව නැතැයි ඇය කියයි.

බඩු මිළ අඩු නැතියි ඇය කියයි..
එය කොතරම් පට්ටපල් බොරුවක්ද ?එක්කෝ ඇය කඩේ යන්නේ නැත. ඒ  නිසාම බඩුවල මිළ අඩුවි ඇති අන්දම නොදනි.
එබැවින් අපට කියන්නට ඇත්තේ ගෙවනු මාස 7 තුල අඩුවු බඩු ගැන ඇගේ කුස්සි අම්මාගෙන් අසා දැනගන්නා ලෙසය.
එමෙන්ම  ජයග්‍රහණය වෙනුවෙන් ඔබ ඔයතරම් කුහක වි බොරු කියන්නට පටන්ගෙන තිබිම හේතුවෙන් ගම්පහ ඔබේ ලැයිස්තුවේ ඇති මැට්ටන් බහුතරයකගේ ගානට වැටෙන්නට එපා කියාය.
එතකින් නොනවතින ඇය තවත් බොරු කප්පරයක් ඒ පෝස්ටරයේ ලියා ඇත.
අපි ඒවා ගැන කිසිවක් කියන්නට යන්නේ නැත.
කුහකකමකින් තොරව පසුගිය මාසේ  හතේ සිදුව ඇති වෙනස බලන කෙනෙකුට එය පැහැදිලි ය.
අපි එක් ප්‍රශ්ණයක් පමණක් මේ බුද්ධිමත් අපේක්ෂිකාවගෙන් අසමු.
ඔබත් ඉදිරිපත් වි සිටින මේ මැතිවරණය සටනේදි ඔබ නියෝජනය කළ ආණ්ඩුවට වඩා ඇති වෙනස කියවා ගන්නට කුහක නොවන ලෙසය.
කලින් මැතිවරණවලදි මෙන්ම සරත් ලා ලංසාලාට දැන් පිස්සු කෙලින්ට බැරිය.ඒ මැතිවරණ නීතිය ක්‍රියාත්මක බැවිනි.
වැරදි කරතොත්  ෙෙරා්ස් ගේ ගෝලයන්ට පවා හිරේ යන්නටවි ම අනිවාර්යකි.
ජගත් ප්‍රනාන්දු -කටාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here