සුදර්ශණි බරපතල අවුලක ? නාමයෝජනා අත්සන් කරයිද ?

0
69

dr.sudarshaniශ්‍රීලනිප කටාන ආසනයේ සංවිධායිකා, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා පත්‍රයට මෙතෙක් අත්සන් තබා නොමැති බව ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය පවසයි.එයට හේතුව ලෙස වෙබ්අඩවිය වාර්ථා කර සිටින්නේ ගම්පහ සන්ධාන ලැයිස්තුවට කටාන ආසනයේ පදිංචි වෙනත් පක්ෂවල තිදෙනෙක් නම් කර තිබීමයි

එ ජාතික නිදහස් පෙරමුණේ ලලන්ත ගුණසේකර, ලංකා සම සමාජ පක්ෂයේ උපුල් රාජිත හා පිවිතුරු හෙළ උරුමයේ රාජිත හපුආරච්චි වශයෙනි.

මෙය තමාව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා සිදු කල කුමන්ත්‍රණයක් බව පවසන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලෙ මහත්මිය, මේ සම්බන්ධයෙන් නාමයෝජනා මණ්ඩලයෙන් සාධාරණ ප්‍රතිචාරයක් බලාපොරොත්තුව සිටින ඇයත් අවධාරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අවුල විසදිම සදහා අපේක්ෂත්වය බිලිදිමට බොහෝ විට ලලන්ත ගුණසේකරට හා පිවිතුරු හෙළ උරුමයේ රාජිත හපුආරච්චිට සිදුවිය හැකි බවට විශ්වාසවන්ත තොරතුරක් මීපුර වෙබ් අඩවියට ලැබි ඇත.
කෙසේ වෙතත් ඇය එජාප පෙරමුණක් යටතේ තරග නොකරන බවටද මේ වනවිට මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.