සුදර්ශණි යහපාලනයෙන් යමපාලනයට ?

0
42

sudarshani 2රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඊයේ පැවැති විශ්වාසභංගයේදි ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරමින් යහපාලනය අතහැර රාජපක්ෂලාගේ යමපාලනය වැළදගෙන ඇතැයි ඇයට සමිපව සිට ක්‍රියාත්මක වු දේශපාලන ක්‍රියාකාරින් රැසක් විසින් ඊයේ රාත්‍රියේ පැවැති කථාබහකදි පවසා තිබුණි.
2015 පාර්ලිමේන්තු මැතිවරණයේදි ඉතා පැහැදිලි ලෙස සුදර්ශණිට එරෙහිව ශ්‍රිලනිප මහින්ද පිළ විසින් දැවැන්ත විරෝධතාවක් ගෙන ගිය අතර  සුදර්ශණි විරෝධි මෙම පෙරමුණේ ප්‍රධානියෙකු ලෙස නිමල් ලංසාද ක්‍රියාත්මක විය.
වරෙක ඇයට අම්මණ්ඩි යැයිද ඇමතු අය මේ යහපාලන විරෝධි පෙරමුණේ විය.
සිය ආදරණිය සැමියා වු ජේයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාව ඝාතනය කළ බලවේගය කව්දැයි ඇයත් රටත් ඉතා හොදින් දනි.
සුදර්ශණි යහපාලනයට සිග්නල් දමා දැන් යමපාලනයට හරවා ඇත.
.