සුදර්ශණී එජාපයෙන් මැතිවරණයට ?

0
339

news-1ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට මූලිකවම කැපවී කටයුතු කළ ප්‍රධාන පෙළේ මැති ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 ගෙන් සමන්විත කණ්ඩායමක් මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය හා සන්ධානගත වීමට පියවර ගෙන ඇත.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න, විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක, ග්‍රාමීය සංවර්ධන ඇමැති එස්. බී. දිසානායක, වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග, ඉඩම් ඇමැති එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන, නිපුණතා සංවර්ධන ඇමැති පියසේන ගමගේ, උසස් අධ්‍යාපන ඇමැති සරත් අමුණුගම, ගුවන් සේවා ඇමැති රෙජිනෝල්ඩ් කුරේ, නියෝජ්‍ය ඇමැතිවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නියෝමාල් පෙරේරා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ල් ගුණසේකර මහත්ම මහත්මීහු සහ අතුරලියේ රතන හිමි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ පිරිස අතර වෙති. “යහ පාලන පෙරමුණ” යටතේ සන්ධානගතවන මෙම දේශපාලනඥයන් මෙවර මහ මැතිවරණයේදී එජාපය සමඟ එක්ව ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක සඳහා තරග වැදීමට නියමිතය.

මෙම පිරිසට අමතරව ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, ආසන සංවිධායකයින් ඇතුළු විශාල පිරිසක් ජනතාවට එදා ලබා දුන් යහ පාලන පොරොන්දු ඉටුකිරීමට මේ මැති ඇමැතිවරුන් සමඟ එක්ව සිටිති. මේ කණ්ඩායම පෙරේදා (09) අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉදිරි මහ මැතිවරණය පිළිබඳව දීර්ඝ වශ‍ෙයන් සාකච්ඡා කැර ඇති අතර ජනාධිපතිවරණයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට තමන් එජාපය හා එක්වීමට කැමැත්ත පළකර ඇත.

දූෂිත පාලන සමයක් පසුකර ජනවාරි 08 දා ලක්ෂ 62 කගේ ජනවරමකින් බිහිකර ගත් නව රජය සහ එම රජයේ අරමුණු ආරක්ෂා කර ගැනීමත්, ඒ තුළින් ජනතාවට සාධාරණය ඉටුකිරීමත් මෙම නව කණ්ඩායමේ අපේක්ෂාවන් වෙයි.

එම අපේක්ෂාවන් ඉටුකර ගනිමින් වත්මන් ජනාධිපතිතුමන්ව තවදුරටත් ආරක්ෂා කර ගැනීමටත් යහ පාලනය රට පුරා ස්ථාපිත කිරීමත් මෙම සන්ධානගතවීමේ අරමුණ බව එම කණ්ඩායම අවධාරණය කරයි.

හොරුන්, මංකොල්ලකරුවන්, දූෂිතයන්ට මෙවර මැතිවරණයේදී නාමයෝජනා ලබාදීම තමන් එකහෙළාම ප්‍රතික්ෂේප කරන බවත්, සිවිල් සංවිධාන රැසක් තමනට මේ සම්බන්ධව අප්‍රසාදය සෘජුවම පළකර ඇති බවත්, මේ නිසා තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී “යහ පාලන පෙරමුණ” යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ද එම කණ්ඩායමේ සාමාජිකයෝ ප්‍රකාශ කරති.
dinamina.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here