මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව රාජ්‍ය ඇමතිණි සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහ මීගමුව එජාප සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ මීගමුව මහනගර සභාවේදි පැවැත්විමට නියමිතය.
මෙ සංවර්ධන කමිටුවේ මීගමුව තුල ක්‍රියාත්මක වන්නට පටන් ගත් දා සිටිම එහි සම සභාපතිත්වය දැරු නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් සමසභාපතිධුරයෙන් ඉවත් කර තිබේ.
ඒ අනුව හිස්ව ඇති එම ධුරය සදහා ජනාධිපතිවරයා විසින් සුදර්ශණි මහත්මිය පත්කොට තිබේ.
ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාව ධුරයෙන් ඉවත් කිරිම ගැන සාධාරණ හේතුවක් ජනනාව හමුවේ කියාගන්නට බැරිව මහත් අපහසුවකට පත්ව ඇතැයි ඔහු ට සමිප ආරංචි මාර්ග දක්වා සිටි.