සුදර්ශනී කියන පොලීසිය තියෙන්නේ කොහේද ?

0
66

පසුගියදා කාන්තා දිනය වෙනුවෙන් පැවැත්වු  රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ නි.අැමතිනී සුදර්ශනී පුනාන්දුපුලුලේ  මහත්මිය වැඩසටහන ආරම්භයේදී  වර්තමාන රජය තුළ යහපාලනය ක්‍රියාත්මක වන බව පවසා සිටියාය.   එහිදී ඇය තවදුරටත් ලංකාවේ නිතිය සහ යහපාලනය පිලිබදව අදහස් දක්වා සිටිමින් පවසා සිටියේ  ලංකාවේ පොලීසිය දැන් හොද බවයි.SriLanka_Women_Police_officers
මෙම ප්‍රකාශය තුළින් ඇය අදහස් කළේ ලංකාවේ පොලිසිය දැන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා යන්න නම්  ඇගේ ප්‍රකාශය අවස්ථානුකූලව වර්තමාන රජය තුළ යහපාලනයක් තිබෙන බව ගම්‍ය කිරීම වෙනුවෙන් කළ කතාවක බවයි හැගෙන්නේ.
පැවැති මහින්ද රාජපක්ෂ පාලනයට සාපේක්ෂව පොලිසිය යහපත් බව පෙනේ.එහෙත් පොලිසිය නිසි අයුරින්ම ක්‍රියාත්මක බව ඉන් අදහස් නොවේ.
අපට අනුව නම් ලංකාවේ පොලීසිය  තවමත් දේශපාලන ග්‍රහනයෙන් මිදී කටයුතු කරන්නේ නැත. උදාහරණයකට මීපුර පුවත්පතේ කර්තෘවරයාට පහරදිම සැලසුම් කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට  මීගමුව පොලීසියට මෙන්ම පෑලියගොඩ අපරාධ කොට්ඨාශ පොලීසියට ද  හැකිවී නොමැත. පොලීසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට නොගැනීම වෙනුවෙන් සියලු ප්‍රමාදයන් සිදුකරමින් සිටින බව අධිකරණය ඉදිරියේ ද  සැගවිය නොහැකි සරල සත්‍යක් ලෙස ඔප්පුවී හමාරය. පොලීසිය විසින්ම සිදුකළ පරීක්ෂණ වලින් සකස් කළ බී වාර්තාවේ අඩංගු දුරකථන 13 පහරදුන් පුද්ගලයා (පළමුවන සැකකරු) සහ  හිටපු නි. නගරාධිපති දයාන් ලාන්සා අතර හුවමාරුවී ඇති අතර මේ සාධකය දයාන් ලාන්සාව මෙම නඩුවේ සැකකරුවෙකු කිරීමට ප්‍රමාණවත්ය. නමුත් මීගමුව පොලීසිය මාස ගණනක් අධිකරණ නියෝග අපතේ යැවූ අතර අවසානයේ මෙම නඩුවේ ඉතිරි පරීක්ෂණ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාශය වෙත යොමු  කරන ලදී. ඉන්පසු මාස 6කට වඩා ගතවුවද ඔවුන්ටද කියන්නට අලුත් දෙයක් නොමැත.
මේ ආකාරයට දේවල් සිදුවන්නේ පොලීසියට යම්කිසි බලපැමකට ලක්විමට සිදුවී ඇති නිසා බව සක්සුදක් සේ පැහැදිලි වන අතර මෙයින් කියවෙන්නේ අප විසින් යහපාලනය ගෙන ඒමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බවයි.
තවමත් නීතියට ඉහළින් දේශපාලන බලපුලුවන්කාරම් ක්‍රියාත්මක වන අතර පොලීසිය ඉන් මිදිම යනු මෙම දේශපාලන ක්‍රමයේ වෙනසක් තුළින් සිදුවිය යුතු කාර්්‍යයකි. මෙය ඇත්තටම අද අභියෝගයකි.
නළුවෙකු මෙන්ම රගන්න පමණක් දක්ෂ පොලිස්පති වරයෙකු යටතේ මේ අභියෝගය ජයගැනිමට තවත් ප්‍රශ්ණයකි.
ඒ අනුව නි.අඇමති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ගේ පොලීසිය දැන් හොදයි යන කතාව ඇයටමත් දැන්  අභියෝගයකි.