උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යධූරයට පත්වූ පා. මන්ත්‍රිණී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (24) පෙරවරුවේදී කිඹුලාපිටියේ පිහිටි ‘ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ‘ පාසලේ පැවති විදුහල්පතිවරුන්ගේ රැස්වීමක් හා ශිෂ්‍ය නායකයන්ට පදක්කම් පැළදවීමේ උත්සවයකට සහභාගී වූවාය. මෙම හමුවේදී ඇය විසින් කටාන ආසනයේ පාසල් වල සංවර්ධනය පිළිබදව අදහස් දක්වමින් පවසා සිටියේ කටානේ පාසල් අද යම්කිසි මට්ටමක දියුණුවක් අත්කරගෙන තිබෙන නිසා දැන් එම ප්‍රදේශයේ දරුවන්ට පිට පළාත්වල පාසල් වලට යොමුවීමේ අවශ්‍යතාවය නැවතී තිබෙන බවයි. එමෙන්ම තමන්ගේ නියෝජ්‍ය අමාත්‍යධූරයේ වැඩ භාරගත් විගස සිය සැමියාගේ නමින් වෙන්වූ පාසලට පැමිණියේ තමා විශේෂයෙන් කටාන ප්‍රදේශයේ අධ්‍යානය නැංවීමේ කාර්්‍යයට ඉෂ්ඨ කිරීමට බවද පවසා සිටියේය.