මීගමුව මුන්නක්කරය පසුකර යනවිට සිරිකුරුස පාලම හමුවෙයි. සිරිකුරුස පාලම සීමාවෙන් පසු සිරිවර්ධන පෙදෙස හමුවෙයි. සිරිවර්ධන පෙදෙස අපේ කථාවට මූලික වන්නේ වෙනස් මිනිස් අත්දැකීම් රැසක් මෙම ගම්මානය තුළ අතීතයේදී ක්‍රියාත්මකයාත්මකවී ඇතිනිසයි.. අප මීටපෙර “ කෑම රසවත්කරන මුන්නක්කරයේ මිරිස් ගුලිය “ යන තේමාව පදනම් කරගනිමින් ලිපියක් පලකළෙමු.
මෙය ගෘහකර්මාන්තයක් ලෙස අද වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි ප්‍රමුඛතාවය ගත්තේ කාන්තාවන්ය. වසර 100කට පමණ පෙර මෙම ගම්මානයේ ගෘහකර්මාන්තයක් ලෙස ලුණු නිපදවීම සිදුවී ඇත. නමුත් මෙම කර්මාන්තය අදවනවිට අභාවයට ගොස් ඇත. මෙහි විශේෂත්වය වන්නේද මෙම කටයුත්තේ නියැළුනේ කාන්තාවන් වීමයි. ධීවර ගමක් වන හෙයින් ස්වාමිපුරුෂයා මසුන් ඇල්ලීම සඳහා කළපුවට යන අතර කාන්තාවන්ද තම පවුලේ ආර්ථිකය වෙනුවෙන් විවිධ කාර්යයන්හි නිරතවිය.
අප සඳහන් කරන ඉහතකී ලුණු නිෂ්පාදන ක්‍රියාවලියවලියද එවැන්නකි. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අදවනවිට ජීවත්ව සිටින්නේ කිහිප දෙනෙකු පමණි. අප ඔවුන් සොයා ගැනීමට උත්හාහ කළේ එම අතීත කථාව දැනගැනීමේ අවශ්‍යතාවය සහ වැදගත්කම නිසාය.
මෙසේ ලුණු නිපදවීමට අදාළව එහි තිබුණු පරිසරයද හේතුවක් වී ඇත. කලපුව ආසන්නයේ කැලෑව ල මඩ සහිත පස ල වඩදිය – බාදි ය ඇතිවීම තුළින් ලුණු සහිත වතුර කලපු බිමෙහි නිදහසේ පෙන නගමින් ගලායෑම ආදී වශයෙන් අදාළ කරුණු සැකසී තිබින. වැඩිහිටියන් මෙම කර්මාන්තයට අදාළව කරන කටයුතු දෙස බලාසිට ඒවා සඳහා උදව් කළ තම අතීතය ගැන මේරි මර්සි අම්මා (අවුරුදු 78 ) අප සමඟ අදහස් පළකලේ මෙසේය.
ඒවා විකුණුවේ කාට ද?
මුහුදු රස්සාකාරයෝ ඇම ට සාලයින්ට දාන්න ගෙදරට ඇවිත් අරගෙන යනව. සුද්දන්ටත් දෙනවා. පාරට අරන් ගිහිල්ලා අපි විකුණනව. ඒව විකුණලා හවස 6.00ට විතර තමයි ගෙදර එන්නෙ. අලියපොලේ තමයි විකුණන්නේ.
මේ පිළිබඳව තවදුරටත් කරුණු දැනගැනීමට සිරිවර්ධන පෙදෙසේ ජීවත්වන මර්සි සුසිලා අම්මා ( අවුරුදු77 ) හමුවිය.
ඇය ලුණු සෑදීමේ ක්‍රායාවලිය ඇය විස්තර කළේ මෙසේය.
අපේ නැන්දලා තමයි මේ වැඩේ කළේ. කලපුවේ ඉඳල එන වඩදිය වතුරට පස තෙත් වෙනව ඊට පස්සෙ හදාගත්ත යකඩ පටියකින් හූරල ගොඩවල් ගහනව. ඒකට කියන්නෙ ලුණුපස්ගානවා කියලයි. පස්සෙ මැස්සක් හදල ලොකු කලයකට අර හූරපු පස් පුරවනව.
ඒ කලේට යටින් හිලක් හදල මටුළු කෑල්ලක් තියනව පෙරෙන්න. උඩින් තව කලපු වතුර දානව. යටින් ගස්මුට්ටියක් තියල මේ වතුර අරගන්නවග දෙතුන් පාරක් පෙරාගත්තට පස්සෙ ලොකු තාච්චියකට දාල දර දාල රත් කරල තමයි ලුණු හදාගන්නෙ.
අවසන් වරට අපට අදහස් පළකලේ සිරිවර්ධන පෙදෙසේ නිකුලස් මාමාය. (අවුරුදු 77) ඔහු අපට මේ රස්සාව කළ ආකාරය, කළ ස්ථාන, මේවා විකිණීමට වෙළඳපලට ගෙනයාම දක්වා ආදී දේවල් ඔහු පැහැදිළි කරන ලදී.
අපි පොඩි කාලෙ අපේ අම්මල තමයි මේ රස්සාව කරේ. අපිට හුඟක් අමාරුනිසා අපිට කන්න දෙන්න විදිහක් නැතිනිසා මේව කරල තමයි ඒ කාලෙ අපි ජීවත් වුනේ. එතකොට මගෙ වයස අවුරුදු 13ක් විතර ඇති
කොහොමද මේව කරේ ?
මේ වගේ දවස්වල කලපු වතුර ආවට පස්සෙ ඒපස් අම්මල හූරල ගන්නව. ඒකට යකඩ වලින් පටියක් හදාගන්නව. ඒකෙ දෙපැත්තෙන් අල්ලල තමයි පස් හූරන්නෙ. හූරපු පස් ගොඩවල් ගහල තියාගන්නව. මේව කට ලොකු ගස් මුට්ටියකට දාල යටින් හිල් කරල මටුළු කෑල්ලක් තියල වතුර පෙරෙන්න හදනව. ඒ මුට්ටිය පොල්පිති වලින් හදපු මැස්සක තියනව. පෙරෙන වතුර ගන්න යටින් භාජනයක් තියනව. ඒ භාජනයට වැටෙන වතුර ආයි සැරයක් ලොකු මුට්ටියට දානව. එහෙම තුන්පාරක් විතර දාල පෙරුවට පස්සෙ තමයි ඒ වතුර තාච්චියකට දාල රත්කරන්නෙ. අපේ අම්මල මඩකුණු කැපෙන්න කියල පොල් කෑලි ටිකකුත් කපල ඒකට දානව. වඩිය රත්වෙන්න ගොඩක් දර ඕන. ඒනිසා කැලේට ගිහිල්ල දර කපාගෙන එන්නත් සෑහෙන්න මහන්සි වෙන්න ඕන.
ඔවුන් සෑදු ලුණු හැදින්වූයේ “ හිඳිලුණු , ලෙසිනි. මේවා සකස්කළ ආකාරය, ඒ සඳහා භාවිතාකළ උපකරණ ආදිය ගැන අපට අවබෝධයක් නොතිබුනු නමුත් ඒපිළිබඳව මේරි අම්මා , මර්සි අම්මා සහ නිකුලස් මාමා කියන ලද කරුණු චිත්‍රයකට නඟා ගැනීමෙන් ඒ පිළිබඳ යම් අදහසක් හැකිවිය.
සැම්සන් ඥානසිරි