සුදුසුකම් නැති කම්කරුවෙක්ට රියදුරු පත්විමක් දෙන්න හොර ලේඛණ හැදු මීගමුවේ නිළධාරිණිය කව්ද ?

0
64

weelමීගමුව නගාරික කොමසාරිස්වරයාගේ පවුලේ අවශ්‍යතාවන් ඉටුකරගැනිම සදහා ට්‍රයල් ෆේල් වෙච්ච නිසි අධ්‍යාපන සුදුසුකම්ද නැති කම්කරුවෙකුට රියදුරු පත්විමක් ලබාදිම වෙනුවෙන් මීගමුව මහනගර සභාවේ නිළධාරිණියක් කූඨ ලේඛන සකසා ඇතැයි සැලය.
මීගමුව නාගරික කොමසාරිස්වරයා හා කිට්ටු සබදතාවක්ද ඇති මේ නිළධාරිණිය කුරණ ප්‍රදේශයේම පදිංචි අයෙකැයිද කියැවේ.
දශකයකට ආසන්න කාලයක් ඇදේටම ගිය කකුළුවන් බදුවු දේශපාලන අධිකාරියක් යටතේ සිටි මීගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරියද දැන් කෙසේ වත් කෙලින් යවාගන්නට කිසිසෙත්ම හැකිවේදෝ යන්න ඇත්තටම ගැටළුවකි.
මේ බරපතල තත්වය ගැන මීගමුවේ බදුගෙවන ජනයා අවදියෙන් සිටිය යුතුව තිබේ.