සුදු චූටිගේ දුක්බර කතාව

0
158

47578283_350360475757631_851140218873446400_n
මෙයා මට හමු වන්නේ අකුලක අම්මා වලක් හාරගෙන පැටව් දාලා ඉද්දී එතන වැලක පැටලිලා පැටවු ටික කෑ ගහන සද්දෙට එතනින් යද්දී දැකලා බේරගෙන ගෙදර ගෙනාවා.කොල්ලෙකුයි කෙල්ලෙකුයි හොද ගෙවල් දෙකකට ගියත් සුදු චූටිගේ දයිවය එයාට මගේ ගේ පිටිපස පාර උරැම කලා.කන්න බොන්න මම දුන්නත් එයා පාරට වෙලාම ජීවත් වෙද්දී දවසක් මගේ ඇස් ඉස්සරහම පිස්සු බයිසිකලයක් එලවන ගෑනු කෙනෙක් අනේ පාර අයිනටම වෙන්න නිදාගෙන හිටිය චූටිගේ ඇග උඩින් ගියා.මට කරගන්න දෙයක් තිබ්බේ නැහැ මම ඇස් පියාගත්තා ඊලග මොහොතේ දකින්න වෙන දේ බලන්න බැරි නිසා.අනේ ඒත් වාසනාවට කෙල්ලගේ අතක් විතරක් තැලිලා හීරිලා තුවාල වෙලා විතරයි තිබ්බේ.අත් දෙකට පැටියව වඩාගෙන ගෙට දුවන් ඇවිත් බෙහෙත් දාලා සනීප කලා.එදා ඉදන් මෙයා වාහන වලට පුදුම බයයි.වාහනයක් එනකොට පන කඩාගෙන දුවන් යනවා.ඒ විදිහට දුවපු තව දවසක කාර් එකක බෆර් එකේ වැදුනා.එදත් වත්තට දාලා මෙයාව තියගන්න හැදුවත් ගෙදර බලු රැලගෙන් සිදු වෙන අඩත්තේට්ටම් නිසාම එයා පාරටම ගියා.ඔහොම ඉන්නකොට දවසක් මෙයා නොකා හිටියා.නිදිමයි වැඩේ.දවසක් දෙකක් තුනක් බැලුවා නැහැ.අනේ ඊලග දවසේ බලනකොටයි දැක්කේ කෙල්ලගේ බඩ ඉදිමිලා.එන්න එන්න ඉදිමෙනවා හරියට කලයක් වගේ.කන්නේ බොන්නේ නැතුව ඔහේ වැටිලා නිදාගෙන ඉන්නවා මඩ ගොඩවල් වල.#Malka අක්කට කිව්ව ගමන් කිව්වේ ඩොක්ටර් ලගට අරන් යන්න මම බිල ගෙවන්නම් වින්ධයා කියලා.එදාම ඩොක්ටර් කනිශ්ක ලගට අරන් ගියාම ඩොක්ටර් කිව්වේ මෙයාගේ වකුගඩු හොද නැහැ.ඒ නිසා බඩේ වතුර හැදිලා කියලා.අනේ මට උන් හිටි තැන් අමතක උනා.මොනවා කරන්නද ඩොක්ටර් දීපු බෙහෙත් ටිකත් අරන් ගෙදර ඇවිත් සුදු චූටිට බෙහෙත් පොව පොව හිටියට ආයි බඩ එන්න එන්නම ලොකු වෙනවා.කිසිම කෑමක් නැහැ.හැබැයි වතුර බොනවා.දෙවනි පාරටත් අරන් ගියාම බඩේ වතුර අස් කලා ඩොක්ටර්.ඔන්න එදා නම් මෙයා කෑම ටිකක් කෑවා.ආයි සතියකින් විතර බඩ ආයි ලොකු වෙලා ආයිමත් වතුර අස් කරලා ගෙදර ගෙනාවා.එදා රෑ මට මහ අමුත්තක් දැනුනා මෙයාගේ.ඒ නිසාම මම මෙයාව ගෙට අරන් කුශන් එකක් දාලා නිදා ගන්න දුන්නා.අනේ කෙල්ල වැරහැල්ල වගේ වැනෙනවා.ඇවිදින්න බැරැව වැටෙනවා.නිදාගන්නවත් බැහැ හුස්ම ගන්නෙත් අමාරැවෙන්.මට ඒ දුක බලන් ඉන්න බැරැව හෝ ගාලා ඇඩෙනවා.අඩ අඩාම මම ලගට වෙලා තුන් සූත්‍රය කිය කියා එලි වෙනකම් කෙල්ල ලග හිටියා.පහුවදා උදේම කෙල්ලව අරන් ඩොක්ටර් ලගට ගියාම එයාව ස්කෑන් කරලා ඊසීජී ගත්ත ඩොක්ටර් කිව්වා හිත හදාගන්න කියලා.මේ එක ෆොටෝ එකක බලන්න එයා අඩනවා.ඒ මම ඩොක්ටර් ලගට ගියා බිල අරගන්න.ඒ ගියාම මෙයා බෙල්ල හරවලා මම ගිය පැත්ත බලාගෙන හිටියා අනේ අක්කේ මාව දාලා යන්න එපා කියන්නා වගේ.මගේ පපුවට ඒ වෙලාවේ දැනුනු වේදනාව මට මෙතන අකුරැ කරන්න අමාරැයි.මම ආයි එයා ලගට දුවලා ඇවිත් ඔලුව අතගාලා කිව්වේ මම ඔයාව දාලා යන්නේ නැහැ මගේ කෙල්ලේ කියලා.අනේ එයාගේ ඇස් වලින් කදුලු වැටුනා ඒ වෙලාවේ.පව්.මමත් ඇඩුවා.ගෙදර ගෙනත් පුදුමාකාර විදිහට මහන්සි වෙලා එයාව බලාගත්තා මම.එයාගේ වාසනාවට එයා සනීප වෙලා අද මගේ ලග චන්ඩි රැජිනක් වගේ ඉන්නවා.මල්කා අක්කේ පින්.
උපුටා ගැනීම >>
https://www.facebook.com/1474733616138192/photos/1567569640013313/