නීත්‍යානුකූල නොවන බව පවසමින් අධිකරණය ඉදිරියේ අභියෝග කළ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ මාධ්‍යවේදී, ගත්කතුවර ගාමිණී වියන්ගොඩ ඉලක්ක කර ගනිමින් තර්ජනාත්මක අදහස් රැසක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙමින් පවතී.
සිකුරාදා (ඔක්තෝබර් 04) අභියාචනාධිකරණ තීන්දුව මගින් අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කෙරුණ අතර ඒ සමඟ ඔවුන් දෙදෙනා ඉලක්ක කරගත් ප්‍රකාශන පළ වෙන්නට විය.
එම හැසිරීම තරයේ හෙළා දකින බව සඳහන් කළ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, කිසියම් නීතිඥවරයකු ඊට සම්බන්ධ වී ඇතැයි කරුණු අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙසත් දැනුම් දුන්නේය.
කෙසේවුවද, මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ මාධ්‍යවේදී ගාමිණී වියන්ගොඩ ඉලක්ක කරගත් ප්‍රකාශන රැල්ල අනතුරු ඇඟවීමක් තෙක් වර්ධනය වී ඇත.
කලාකරුවකු ලෙස පෙනී සිටින පිවිතුරු හෙළ උරුමයේ ද නායකයකු වන මධුමාධව අරවින්ද සිය ෆේස්බුක් ගිණුමේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගත්කතුවර ගාමිණී වියන්ගොඩ සම්බන්ධයෙන් ව්‍යංගයෙන් අනතුරු අඇඟවීමක් සිදුකර ඇත.
මධුමාධව අරවින්ද පාස්කු ප්‍රහාර අවධියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාර පිටුපස සිටි බවට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඉහත දැක්වෙන ආකාරයේ තවත් ප්‍රකාශන රාශියක් සිකුරාදා (ඔක්තෝබර් 04) සන්ධ්‍යාවේ පටන් සමාජ මාධ්‍ය ජාලයේ සංසරණය වෙමින් පවතී.
වියන්ගොඩ සහ තේනුවරට සමාජ මාධ්‍ය ජාලයෙන් තර්ජනය කිරීම් කීපයක්
තවත් ප්‍රකාශයක් මගින් මෙවැනි අනතුරු ඇඟවීමක් කෙරෙයි.
මහාචාර්ය තේනුවර සහ මාධ්‍යවේදී වියන්ගොඩ ඉලක්ක කරගත් ඇතැම් ප්‍රකාශන මාධ්‍යයේ පළකළ නොහැකි තරම් අශික්ෂිත මට්ටමේ ඒවා වෙති.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ට එරෙහිව තර්ජන, බියවැද්දීම් සහ හිරිහැර කිරීම් පිළිබඳව මහත් කම්පනයට පත් වී සිටින බව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු මහකොමසාරිස්වරයාත් වරක් ප්‍රකාශ කර ඇත.
මහාචාර්ය තේනුවර සහ මාධ්‍යවේදී වියන්ගොඩ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යජාලයෙහි එල්ල කෙරෙන තර්ජන සහ වෛරී ප්‍රකාශන පිළිබඳව ප්‍රතිචාරය විමසීම පිණිස පොදුජන පෙරමුණේ ප්‍රකාශකයන් වන කෙහෙළිය රඹුක්වැල්ල සහ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරුන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ‘බීබීසී සිංහල සේවය’ ගත් ප්‍රයත්නයන් අසාර්ථක වී ඇත.
ඉහත උපුටා දක්වන ලද වෛරී ප්‍රකාශන සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන නීතිඥ අථිල අතාවුද මෙසේ සඳහන් කරයි.
“චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා වීමට ඉඩ ඇති තැනැත්තෙකුගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවයේ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරන ලදී. එය එක් අතෙකින් ඕනෑම පුරවැසියෙකුට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අභ්‍යාස කිරීමකි. යම් ගැටලුවක් ඇති කළ, එය බැලු බැල්මට නිරාකරණය වන බවක් නොපෙනෙන කළ කිසිවෙකු ඉදිරිපත් වී එය අධිකරණයක් හමුවට ගෙනගොස් නිරාකරණය කිරීම ගෞරවයට හේතුවකි.”
(බීබීසී සිංහල සේවය)