පසුගියදා කාන්තන්කුඩි මුහුදේදී සිය සුනඛ සුරතලා මුහුදු රැල්ලට ගසාගෙන ගිය අවස්ථාවේදී එම සත්වයා ඛේරාගැනීමට ගොස් සිය ජීවිතය අහිමිකරගත් පුද්ගලයෙකු පිළිබදව මාධ්‍ය වාර්තා කරන ලදී. මේ සම්බන්ධයෙන් Care For The Voiceless – C4V සංගමයේ සංවේගය පළකර තිබුණේ මෙසේය.
බොහෝ මිනිසුන් දුටුවෙමි හමුවුනෙමි
හිත පිත් ඇති දයානුකම්පාවෙන් පිරිපුන්
නමුත් …
ඔබ වැනි මිනිසෙකු නොදුටුවෙමි හමුනොවුනෙමි
මනුසත්බව ඇති මිනිසුන් අතර
මෙසේ දිවි පුදකළ
පතනෙමි ඔබට අමාමහ නිවන් සුව!