සුන්දර මීගමු කලපුවේ අසිරිය මතින් පැන නැගුනු සිව් මහල් දිව බොජුන් හල ‘Choy’ s’

0
270

DSC_0629මීගමුව, කොතලාවල පාලම අසල සිත්ගන්නාසුළු සිව් මහල් මන්දිරයක් ඇත. අප නෙත නිතර ගැටුනේ මෙම සිව්මහල් මන්දිරයේ පළමු මහල පමණි. නමුත් මෙහි ඇති ඉහල මාලයන් වෙත යාමට අපටද අවසරයක් ලැබින. හැන්දෑවට මෙම මන්දිරය අවට දර්ශනීය චිත්‍රයක් වැනිවේ. සීගිරි පර්වතය මත සිටින අයෙකුට එහි පහළ ඇති දිය අගල් ආදිය තුළින් මැවෙන දර්ශනය හා සමාන කමක් මෙහිදී සිහියට නැගේ. දර්ශනීය මීගමුව කලපුවේ කඩොලාන වනය, රළ නගමින් යන බෝට්ටු සහ ඔරු, විසිදැල් වලින් මාළු අල්ලන ධීවරයින් ආදී සමස්තය දෙස මෙකී දෙමහල් ගොඩ නැගිල්ලේ ඉහල සිට නරඹන්නෙකුට ගෙනෙන චමත්කාරය වචනවලින් විස්තර කළ නොහැක.

එසේම ඕනෑම අයෙකුට විවේකය, විනෝදය සඳහා මෙම ස්ථානයේ පහසුකම් සපයා ඇත. වසර ගනනාවක සිට කෑම බීම , නවාතැන් පහසුකම් සපයමින් දේශීය, විදේශීය සංචාරකයින් ගේ සිත් ගන්නාවූ මෙම ස්ථානය හැඳින්‍වෙන්නේ Choy’s යන කෙටි නමින්ය. මීගමුවේ ව්‍යාපාරික ප්‍රජාව ගැන ලියැවෙන නාමාවලිය අතරට මෙම ආයතනයද ඇතුලත් කර ගැනීමට හැකිවීම සතුටුවිය හැකි කරුනකි.
‍ මෙහි අයිතිකරු වූ ජෙනිංස් මහතා හමුවී ඔහු සමඟ කෙටි කථාබහක යෙදීමේ අවස්ථාවක් ලැබුනේ ඒ අනුවය. ප්‍රසිද්ධියට අකමැති නමුත්, ව්‍යාපාරිකයෙකු වශයෙන් ඔහු ලැබූ දැනුම සහ අත්දැකීම් මේ සමාජයට ඉතා වැදගත්බව කිවයුතුය. ඒ නිසාම කලබලකාරී පරිසරයක වුවද අපගේ ඉල්ලීම මත ඔහු තම කටහඬ අවධිකළේ මෙසේය.

මේ ස්ථානය ආරම්භ කළේ 1987 දි පමණ වුනත් පසුව වෙනස්කම් කිහිපයක් කළා. කලපුව සහ ඒ ආශ්‍රිත බෝට්ටු සහ ඔරු , මාළු අල්ලන මිනිස්සු මේ සියල්ල නිසා මැවෙන දර්ශනය හරි ලස්සනයි. මහවීදියේ ඇති කුඩා පාලමේ සිට කොටුව පිට්ටනිය දක්වාවූ ප්‍රදේශය මීගමු නගරයේ ඉතා ලස්සනම බිම් තීරුවක්.මීගමුවේ මෙම ලස්සන වරින්වර සිදුවන විවිධ දේවල් නිසා විනාශයට පත්වෙනවා. මම ඒකට කැමති නෑ.

ඔබේ මෙම භෝජන ශාලාවෙහි මේවනවිට සපයන සේවාව ගැන යමක් කිව්වොත්.

නවාතැන් සැපයීම වෙනුවෙන් සුඛෝපභෝගී කාමර සහ මෙහි සපයන විශේෂිත කෑම වර්ග ප්‍රධන වෙනවා. .බටහිර පන්නයේ කෑම වගේම චීන, ඉතාලි, ඉන්දියානු, ශ්‍රී ලංකා ආදී වශයෙන් ඕනෑම ආකාරයක කෑම වර්ගත්, මීට අමතරව පේෂ්ටි, ෂෝටීස් සහ කේක් වර්ග සපයනවා. මීගමු නගරයේ ඉතාමත් විශේෂ ආකාරයේ ප්‍රනීත වූ ෂෝටීස් සහ කේක් නිපදවා පාරිභෝගිකයින්ට සැපයීමට අපට හැකිවී තිබෙනවා.

ව්‍යාපාරය මේ ආකාරයට දියුණුවීමේ රහස කුමක්ද ?

යමක් කරනව නම් ඒක හරියට කරන්න ඕනෑ කියන එකත්, වැඩක් පටන් ගත්තොත් අවසානය දක්වාම යායුතුය කියන අදහස අනුව වැඩ කිරීමත්, මම කුඩා කාලෙ ඉඳල පුරුදුවෙල හිටිය දෙයක් තමයි. ඒ වගේම කව්රුහරි කරන දෙයක් කරන්න මම කැමති නෑ. Music පැත්තට මම හුඟක් කැමතියි.ඒ පැත්තෙන් සෑහෙන්න ඉදිරියට ගිහිල්ල විවිධ තැන්වල කටයුතු කරන්න ඉඩකඩ මට ලැබුන. ලංකාවෙ තියෙන තරුපහේ හෝටල් සම්බන්ධ කරගෙන මම මගේ සංගීත කලාව මෙහෙයවල කටයුතු කරල තියෙනව. මේ කටයුතු හරහා මට විශාල අත්දැකීම් සම්භාරයක් ලැබුන. මගේ හිත ඇතුලෙ විවිධ දේවල් නිර්මාණය වෙන්න පටන් ගත්ත. ව්‍යාපාරික කටයුතු වලදි මේ නිර්මාණාත්මක අදහස් වල බලපෑමක් තියෙනව.
ජර්මන් උපදේශක වරයෙක් වරක් මට මෙහෙම කියනව. “ ඔබ හදන කෑම ඔබේ දරුවට දෙන්න බැරි නම් ඔබ ඒව අනිත් අයට විකුණන්න එපා.”  මේ අදහස මට තදින් කාවැදුනු එකක්. අපි ක්‍රිස්තියානි කාරයො විදිහටත්, බයිබලීය ඉගැන්වීම් අනුවත්, මිනිස්සුන්ට හොඳ දෙයක් දීමට තමයි කටයුතු කරන්න ඕනෙ. මේ සංකල්පය මත තමයි මම දේවල් කරන්නෙ. නමුත් මගේ රෝල් එක පමණක් නෙවෙයි මේ සඳහා අවශ්‍යවෙන්නෙ. වැඩකරන අනෙකුත් දෙනාටත් මේ කාරණය ගැන වගකීමක් තියෙනව. කොහොම නමුත් මම මගේ කාර්්‍ය නිසි පරිදි ඉටු කිරීමට කැප වෙනවා.

Contact Number  –  031 -4939696

සාකච්ඡා සටහන – සැම්සන් ඥානසිරි