සුන්දර මීගමු නගරයේ අසුන්දර කතාවක්….

0
300

මීගමුවේ කොටුව පිට්ටනිය යනු විශේෂවූ සුන්දර ස්ථානයකි. සෑම උදෑසනකම තමන්ගේ ශරීර සුවතාවය සඳහා මෙම ස්ථානයට විශාල පිරිසක් පැමිණෙති. එක් අවධියකදී සංගීත සහ වෙනත් කලා වැඩසටහන් සඳහා පොදු ස්ථානයක් ලෙස භාවිතා කළේ කොටුව පිට්ටනියයි. එකල දේශපාලන පක්ෂවල වේදිකාව නිර්මාණය වූයේ මෙහිය. එසේම මීගමු නගරයේ පාසැල් කිහිපයක දරුවන්ගේ ක්‍රීඩා කටයුතු සිදුවන්නේ මෙම ස්ථානයේය. මේ අනුව සංචාරක පුරවරයක් ලෙසින් සාකච්ඡාවට භාජනය වන මීගමු නගරයේ අනන්‍යතාව රැකදෙන ප්‍රධාන සහ වැදගත් ස්ථානයක් ලෙස සැළකේ.

නමුත් අද මෙහි ඇති වේදිකාව ගරා වැටී ඇත. එහි අද ඉතිරිව ඇත්තේ ගරාවැටුනු බිත්තියක් සහ කනු කිහිපයක් පමණි. ඒවායේ කාක්කෝ සහ කොක්කු ලගිති. කිසිදු වගකිවයුත්තෙකු මේ සම්බන්ධව යම් විසඳුමක් සඳහා පියවරක් ගෙන නොමැත. වසර ගනනාවක් තිස්සේ මෙහි පවතින මෙකී තත්වය ගැන අප මීට පෙරද අපගේ වෙබ් අඩවියේ ලිපි පළකර ඇත. නමුත් මීගමු නගරයේ පාලක කාරකාදීන්ට මේ ගැන වගේ වගක් නැත.

IMG 20210128 WA0002
IMG 20210128 WA0008


මෙහි එක පසෙකින් ඇති උසාවි සංකීර්ණය. අනෙක් පස ඇති මාළු වෙළඳපල තවත් පසෙකින් ඒ ආසන්නයේ ඇති නිව්ස්ටඩ් , ශාන්තමරියා වැනි පාසැල් ද , ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය, පොලීසිය ආදී සියළු ආයතන සමඟ කොටුව පිට්ටනියේ පිහිටීම එහි ඓතිහාසික වටිනාකම විසින් මතු කර දක්වන්නේ මීගමු නගරයේ අනන්‍යතාවයයි.

අද මෙහි පවතින තත්වය නිසා මෙම අනන්‍යතාවයට පලුද්දක් ඇතිවී තිබේ. මෙකී තත්වයට වග කිවයුත්තේ මෙතෙක් මේ නගරයේ පාලනය හෙබවූ පාලකයින් බව කිවයුතු නැත. නගරයේ මෙවැනි විවිධ ප්‍රශ්ණ රාසියක් තිබියදී ඔවුන් තමන්ගේ පුද්ගලික සිතැඟි ඉටුකර ගැනීම සඳහා විශාල ලෙස පොදු දේපල පරිහරණය කරති. එබැවින් මෙම කොටුව පිට්ටනියට උරුමවී ඇත්තේද එම කරුමය බව පැහැදිළිය. ඒනිසා එය වෙනස් කළහැක්කේ ඉන් බැහැර ජනතාවාදී පාලනයක් තුළින් බවද පැහැදිළිය.

IMG 20210128 WA0009

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here