සුනිල් ආරියරත්නගෙන් අලි ගැන ‘අලි කතාවක් ‘

0
196
මහාචාර්්‍ය සුනිල් ආරියරත්න ‘ අලි කතාව‘ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන රාජු නම් ඇත් පැටවා සහ පුහුණුකරු සමග -මෙම චිත්‍රපටයේ රෑගතකිරිම් තායිලන්තයේ ‘චියැන්මායි‘ පළාතේ සිදුකර ඇති අතර මෙම අලි පැටවාද එම ප්‍රෙද්ශයේ අලි පැටවෙකි.

මහාචාර්්‍ය සුනිල් ආරියරත්න නිර්මාණය කළ ‘‘ අලි කතාව ”  ළමා චිත්‍රපටයේ අවසන් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී . මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ  හමුවක් අගෝස්තු 09 වනදා සුනිල් ආරියරත්න මහතාගේ බොල්ගොඩ නිවසේ දී පැවැත්විණි. . එම අවස්ථාවට මහාචාර්්‍ය සුනිල් ආරියරත්න ,චිත්‍රපටයේ නිෂ්පාදක  ගුණපාල රත්නසේකර (සිප්වින් ෆිල්ම්ස්) කැමරා අධ්‍යක්ෂක චන්න දේශප්‍රිය නිෂ්පාදන කළමනාකරනය   – මනෝහාරී හේවාවසම්, රෝහණ වීරසිංහ ,නන්දා මාලනී ඇතුළු චිත්‍රපටයට සම්බන්ධ වූ රංගන ශිල්පින් ,ශීල්පිනියන් ඇතුළු  කලාකරුවන් පිරිසක් සහභාගී වූහ.

ලංකාවේ දී අලින්ගේ ජීවත්වීමේ නිදහස තර්ජනයට ලක්වි අැති ශෝකජනක මෙන්ම අභාග්‍යසම්පන්න යුගයක ‍
මෙම චිත්‍රපටය අලි පැටවෙකු (රාජු) වටා ගෙතී ඇති කතා තේමාව වී තිබීම විශේෂත්වයකි. චිත්‍රපටයේ පිටපත සඳහා  පසුබිම් වී ඇත්තේ
සාහිත්‍යෙව්දිනියක් වන ලැටීෂියා බොතේජුගේ ‘‘ අනූෂ සහ රජකුමරු ‘‘ නම් යොවුන් නවකතාවකි.

සුනිල් ආරියරත්න/මනෝහරී හේවාවසම්/ නන්දා මාලනී
ලැටීෂියා බොතේජු

මෙම ‘‘ අලි කතාව‘‘  චිත්‍රපටයේ  ළමා නළු නිළි දෙපළක් විසින්  ප්‍රධාන චරිත වලට පණ පොවයි. කෞෂල්‍ය ප්‍රනාන්දු,  යොහානි හංසිකා   මෙම කතාවේ ප්‍රධාන චරිත දෙකක් වන භානු සහ සුමංගලී යන චරිත වලට රංගනයෙන් දායක වී තිබේ. මෙම චිත්‍රපටයේ තවත් ප්‍රධාන චරිත කීපයක් ,ධනංජය සිරිවර්ධන, තාරුකා වන්නිආරච්චි, රවීන්ද රන්දෙණිය, ගිරිරාජ් කෞෂල්‍ය, රොඩ්නි වර්ණකුල,දුලීකා මාරපන, කුමාර තිරිමාදුර,සරත් කොතලාවල,විල්සන් ගුණරත්න,දිපානි සිල්වා, රංගනයෙන් දායක වී තිබේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය රෝහණ විරසිංහ මහතා විසින් සිදුකර ඇති අතර නර්තන අධ්‍යක්ෂණය චන්දන වික්‍රමසිංහ සිදුකර ඇත.
මෙම මාධ්‍ය දැනුවත්කිරීමේ වැඩසටහනින් අනතුරුව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ඇතුළු කණ්ඩායම විසින් , ලැටීෂියා බොතේජු මහත්මිය සිහි කරමින් ඇය වෙනුවෙන් සිදුකරන පුන්‍ය කටයුත්තක් ලෙස මරණින් මුදාගත් ගවයෙකු නිදහස් කර හරින ලදී.

 

සටහන සහ ඡායා – කුමාරි ප්‍රනාන්දු

Save

Save

Save

Save

Save

Save

Save

Save