සුනිල් සිල්වා පොලිසිය මගහැර කට්ටි පනී! හැංගිලා ඉන්න තැන දන්නේ ලංසාද ?

0
85

nimal sunilමීගමුව මහනගර සභාව තුල ලංසා පාලනය ස්ථාපිත කිරිම සදහා අඩුම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ස්වාධින කණ්ඩායමකින් තරග කළ සුනිල් සිල්වාද පසුව මන්ත්‍රිවරයෙකු විය.
ඒ අනුව දයාන් ලංසාගේ යන්තම් පාලනය ස්ථාපිත කිරිම සදහා සුනිල් සිල්වා මහතාටද මන්ත්‍රිධුරයක් ලැබුණි.
මේ වසර මුල් භාගයේ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා පිළිබදව මුළු මිගමුවේම කථාබහක් මතුව තිබුණේ ඔහු විසින් සිදුකර තිබුණ නිතිවිරෝධි කටයුත්තක් පිළිබදවය.
කප්පම් ගැනිමට සැලැසුම් කිරිම ඇතුළු චෝදනා රැසක් සුනිල් සිල්වා නාගරික මන්ත්‍රිවරයාට එරෙහිව එල්ලවි තිබුණ අතර ඒ චෝදනා සදහා ඔහුව අත්අඩංගුවට ගැනිමට පෙර ඔහු පොලිස් ඇසට වැලි ගසා දැන් වසන්  වි සිටි.
රට පැන ඇතැයිද රාවයක් පවති.
තතු දත් ඇතමුන් කියා සිටින්නේ සුනිල් සිල්වා සිටින තැන දන්නේ ඔහුගේ සමිපතම දේශපාලන මිතුරෙකු වන පොහොට්ටුවේ නිමල් ලංසා බවය.
මේ අතර කිසිදු සාක්ෂියක් නැතිව චෝදනා කර තිබුණ මිගමුව හිටපු එජාප සංවිධායක රොයිස් විජිත ප්‍රසිද්ධියේ සිය දේශපාලන කටයුතු කරගෙන යමින් සිටියදි පසුගිය දිනක අත්අඩංගුවට ගෙන තිබුණි.