සුනිලාට කී කවි…..

0
59
DSC08572 new
අම්මාගෙන් සුබපැතුම්

සුනිලා අබේසේකර යනු  මානව හිමිකම් ක්‍රියාකාරිණියක් මෙන්ම ස්ත්‍රීවාදිණියකි. ලංකාව තුළත් ආසියාව මෙන්ම ජාත්‍යන්තර ලෝකයෙත් ඇය මෙම ක්ෂේත්‍ර  තුළ ජීවත් වන, සටන් කරන ක්‍රියාකාරිණියක්.  ලංකාවේ මානව හිමිකම් ක්ෂේත්‍රයට  මෙන්ම ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන්,
සුනිලා අබේසේකර කළ මෙහෙය ඇගයුමකට ලක්වී තිබෙනවාද ?
කෙසේ නමුත් මීට වසර කිපයකට පෙර ඇය ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලැබුවා.
ඒ මොහොතේදී  ඇයව   පිළිගන්ඩ  කටුනායක ගුවන්තොටුපළට ඇගේ මවත් සමීප මිතුරු
මිතුරියන් කිපදෙනෙකුත් පැමිණ සිටියා.

පසුකලෙක
සිරස මාධ්‍ය ඔස්සේ කිංසිලි රත්නායක මහතා විසින් සිදුකළ ‘කෙලින් කතාවට’ සුනිලා අබේසේකර ද සහභාගී වූවා.  මෙම වැඩසටහන නරඹපු මට සුනිලා  ගැන යමක් සටහන් කළ යුතුයි හැගුනේ ,
එහිදී නැගුන සමහර  ප්‍රශ්න වලට සුනිලා   පිළිතුරු දුන් ආකාරයට  මා තුල ඇය ගැන  උපන් ගෞරවය නිසයි.  ඇය ගැන මම ලියූ   නිසදැස    2008  පෙබරවාරි    28    වනදා  රාවයේ     මකරන්ෙද් පළවුණා.

සුනිලා අබේසේකර


 

සුනිලා  කී කෙලින් කතාව

 

ගැහැණුකම විකුණන,
චැනල් වල
ස්ත්‍රීවාදෙටත්
තැනක් ඇත
ඒක මුල්ලක,

නේක ගැහැණුන් මවන
මඩ ගහන යන්තර වල
සිර වු මන්තර
එකම තැන
හෝද හෝදා
මඩේ ඔබන වාදයේ  දී
නුඹ
කියාදුන් ෙද්
නිවන් යන්නටත්
හොදොටෝම ඇතියි
අක්කේ ………………

සඳක් නම්
ලංවී බලනු මැන
පෙනෙන  දෙය
නොවේමැයි
දැනෙනුයේ….

දුබලකමට   පිටුපා
කටු   ඇනෙන
ඝනදුරේ
නුඹ  ගිය ගමන්
බොහෝ  දුර  බව
හැඟුනා…..

දහවෙලහි
අඳුර ද
අදුරෙහි  …  දහවලද
සඟවා  අැති
ජීවිතේ  ලග,
ගැහැණුකම  ගැන
මායිම්
සොයා  යති
ගිරවුන්,
වචන  මතින්…

එබදු දේශයක දී………,
දිගක්  පළලක්   අහිමි
ස්ත්‍රී  ආත්මයක
හිමිකාරියකි
‘නුඹ …’

ආදරේ හිතෙන …..

කුමාරි ප්‍රනාන්දු
fkumari@gmail.com