සුප්‍රසිද්ධ ලීකැටයම් කලාකරුවෙකුගෙන් රජයට ආයාචනයක් !

0
576
1550,0,1,0,289,256,484,1,0,37,47,0,0,100,0,1962,1949,2158,536768
1550,0,1,0,318,256,378,1,0,96,52,0,0,100,0,1953,1949,2158,123266
1550,0,1,0,318,256,378,1,0,96,52,0,0,100,0,1953,1949,2158,123266

වසර ගණනාවක් තිස්සේ ලී කැටයම් කලාවෙන් දස්කම් විස්කම් පෙන්නුම් කරමින් රටට දැයට විශාල මෙහෙයක් ඉටුකල ජනාධිපති හා කලාභුෂණ සම්මානලාභි කලාකරුවෙක් තම ජීවිතයේ සැදෑසමය සතුටින් හා රෝග පීඩාවන්ගෙන් තොරව ගත කිරීම සදහා තමා සතු සියලුම ලී කැටයම් හා සම්මාන රජයට ලබාගෙන යම් සාධාරණ දීමනාවක් ලබාදෙන්නැයි රජයෙන් කාරුණික ඉල්ලීමක් කර සිටී.
මෙම කාරුණික ඉල්ලීම කරනුයේ දිවයිනේ සුප්‍රසිද්ධ ලීකැටයම් කලාකරුවකු වන වෙන්නප්පුව ආසනයට අයත් කිරිමැටියාන ලුණුවිල ආයුර්වේද මාවත ලිපිනයේ පදිංචි ඇම්.ඉසිදෝර් මෙන්දිස් මහතායි.
මාධ්‍යයට අදහස් දක්වමින් මෙන්දිස් මහතා මෙසේ කීය
කලාව වෙනුවෙන් මම මට කලහැකි සැමදේම කලා. තරුණ පිරිස් සුමගට ගැන්මට උත්සුකවුනා. තමා කතෝලික බැතිමතකු වුවද කිරිමැටියාන ගමේ බ්‍යෙද්ධ ජනතාව හා එක්ව නොමගට යන තරුණ පිරිස් සුමගට යොමුකරවීමේ භාරධූර කාර්යයට අතදෙමින් කලාව රජකරවීමට වෙහෙසුනා. ලී කැටයම් කලාවෙන් ජනාධිපති හා කලාභුෂණ සම්මාන ඇතුලු සම්මාන රැසක් හිමිකරගනිමින් ජනාදරයට පාත්‍රවුවත් මගේ ජීවිතයේ සැදෑ සමය හා අවසන් බාගය ගෙවන්නේ කදුලුපිරි දෙනෙතින්වීම ඉතා ඛේදජනකයි. මගේ ඒ සම්මාන ලී කැටයම් දෙස බලා සිටීම හැර මට වෙනත් ආදායම් මාර්ගයක් නැහැ-සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මට මසකට රුපියල් 800රැ-ක පමණ මුදලක් ලැබෙනවා-මසකට රුපියල් 8000රැ-ක් පමණ මගෙත් මගේ බිරිදගේත් බේත්හේත් හා වෛද්‍ය ප්‍රතිකාර සදහා වැයවෙනවා.
මම අද හෘද රෝගියෙක්.මෙම මුදල හෝ රජයෙන් ලබාදීම ගැන මම රජයට පිංදෙනවා.කෙසේ වෙතත් මම රජයෙන් එක් කාරුණික ඉල්ලීමක් කරනවා.එය කරන්නේ වෙනත් කරන්න කියන්න දෙයක් නැතිකම නිසයි.ඒ ඉල්ලීම නම් මගේ මේ සියලුම සම්මාන ලී කැටයම් සියල්ල සංස්කෘතික දෙපාර්තමේන්තුව හෝ රජය ලබාගෙන ඒවා සුරක්ෂිතව තබාගෙන මටත් මගේ ආදරණීය බිරිදටත් මියදෙනතෙක් සතුටින් ජීවත්වීමට හා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැන්මට සාධාරණ දීමනාවක් ලබාදෙන ලෙසයි.
මගේ ලීකැටයම්වල වටිනාකම මට මුදලින් තක්සේරු කළ නොහැකි තරම්.නිවස පුරා ඒවා පුරවාගෙන ඒදෙස බලා සිටීම තවදුරටත් කල නොහැකියි. මේ ලීකැටයම් සුරක්ෂිතව තබාගැන්මටවත් මට හැකියාවක් නැහැ.
තම දෑතින් නිමවුනු ඒ ජනාධිපති සම්මානයට පාත්‍රවූ ලීකැටයම් බොහොමයක් සිපවැළදගනිමින් දුකවේදනාව මැද ජීවිතයේ සැදෑසමය ගතකරන මෙම කලාකරුවාගේ හා ඔහුගේ ආදරණීය බිරිදගේ මේ කාරුණික ඉල්ලීම ඇත්තෙන්ම‍ ඉතාමත් සාධාරණය.
සංස්කෘතික ඇමතිතුමනි,මේ සදහා ඔබගේ කාරුණික අවධානය යොමුකරවීම වැඩදායක නොවේද?

1550,0,1,0,289,256,484,1,0,37,47,0,0,100,0,1962,1949,2158,536768

සුනිල් ප්‍රනාන්දුපුල්ලේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here