සුපිරි නත්තල් සාදවලට සුදානමින් සිටි ඇවෙන්රා ගාඩන් කුස්සිය අපායක් ! PHI ලා සීල් තබයි ! (විඩියෝ )

0
1071

මෙරට සුපිරිතම නත්තල් සාද පැවැත්වෙන ප්‍රධාන පෙලේ හෝටලයක් වු මිගමුවේ ඇවෙන්රා ගාඩ්න් හි කුස්සිය සෞඛ්‍ය නිති රිති වලට මුළුමනින්ම පටහැනි ආකාරයෙන් පවත්වාගෙන යමින් තිබෙන අපිරිසිදු තැනක් ලෙස හදුනාගත් කටාන මහජන සෞඛ්‍ය පරික්ෂ කාර්යාල නිලධාරින් විසින් අද දහවල් සිට එයට සිල් තබන්නට කටයුතු කර තිබුණි.

හෝටලයක කුස්සියේ ප්‍රමිතිය යනු අතිශය වැදගත්කමකින් යුක්ත එකකි.එහි එක් ප්‍රධාන අංගයක් වන්නේ නිසි සෞඛ්‍ය ප්‍රමිතින්ට අනුව ආහාර කල්තබා ගැනිම සඳහා අසුරා තිබිමය.

දැන් ඇවෙන්රාහි කුස්සිය ප්‍රමිතිගෙන් තොර අපායක් වි ඇත්තේ මේ ආහාර ගබඩා කර තැබිමේදි මතුව ඇති බරපතල වැරදි ක්‍රියාවන්ය නිසාවෙනි.

මෙහි පිසින ලද ආහාර ගබඩා කර ඇති ශිතකරන වලම මස් වර්ගද ගබඩා කර තිබුන බව සැලය.

තමන්ගේ පාරිභෝගිකයන්ගේ ශාරිරික සුවය තඹ පයිසෙකට ගනන් නොගෙන කටයුතු කිරිම යනු බරපතල වරදකි.බල්ලෝ මරා හෝ සල්ලි හම්බකරනවා යැයි ගැමි වහරේ කියැවෙන්නේ ධනේශ්ලාගේ මෙවැනි කෙළි ගැනද විය යුතුය..

IMG 20231223 WA0130

IMG 20231223 WA0102 1

IMG 20231223 WA0136

IMG 20231223 WA0132

IMG 20231223 WA0133

IMG 20231223 WA0135

IMG 20231223 WA0138

IMG 20231223 WA0137

IMG 20231223 WA0126

IMG 20231223 WA0139

IMG 20231223 WA0127

IMG 20231223 WA0140

රටම දන්නා සුපිරි හෝටලයක ඇත්ත තත්වය ලෝකයාට කියා දිමට කොන්ද පන ඇතිව කටයුතු කර තිබෙන කටාන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරින් ගැන සැබැවින්ම පැසසිය යුතුයැයි මිපුර අමතා කථා කළ කිප දෙනෙකුම කියා සිටි අතර ඔවුන් වඩාත් අවධාරණය කරන්නට යෙදුනේ මිගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ බහුතරයක් නිලධාරින්ටද මෙය පාඩමක් බවය.

ඒ මන්දයත් මිගමුවේ ඇතැමුන් මෙවන් අවස්ථාවන් හිදි වංගු ගසා මඩි තර කරගන්නට මාන බලන යථාර්ථයකට උරුමකම් කියද්දි කටාන නිලධාරින් අවංක ලෙසම සිය රාජකාරිය අකුරටම ඉටුකර තිබිම සැබැවින්ම අගේ කළයුතුව ඇතැයි මිපුර ඇමතු පිරිස සදහන් කරසිටියේය..

මෙහි හිමිකරු වන ධනේශ් නැමැත්තා සිය වෘත්තිය ජිවිතය අරභා තිබුනේ ක්‍රිඩා පුහුණු ගුරුවරයෙකු ලෙසය.

වසර 2005 වන විටත් විවිධ මුල්‍ය අපහසුකම් මැද කටයුතු කරගෙන ගිය ඉතිහාසයකට උරුම කම් කි ඔහු දැන් ප්‍රකෝටිපතියෙකි.හෝටල් කිපයක හිමිකරුවෙකි. සුපිරිතම යාන වාහන ගණනාවක්ද ඔහුට හිමිය.

උපයාගත් අන්දම සනාථ කළ නොහැකි අයගේ දේපල ගැන මේ දිනවල පුළුල් විමර්ශනයක් රටතුල ක්‍රියාත්මක වෙන පසුබිමක ධනේශ්ලා පිළිබද කථා පුවතද දැන් යළිත් වරක් කරළියට පැමිණ තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here