සුපිරි මගේ අඩුමුලට ”සැප” දෙන්න මුදලාලිලා පොරකයි???

0
153

කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේ ආරම්භයත් සමගින් ලංගම විසින් බස්රථ කිපයක් යෙදවුණ අතර ඒක ගමන් වාරයක් සදහා අයකිරිම රුපියල් 150 ක් විය.
සතිකිපයක් ගෙවුණ තැන මීගමුව කොළඹ 240 මාර්ගයේ ධාවනය කරන රෝසා බස් වර්ගද මිළ අඩු කරමින් සුපිරි මගේ සිය ගමන් වාරයක් සදහා මිළ රු 115 ක් ලෙසින් අය කරමින් ධාවනය කරන්නට යෙදුණි.
මේ අතර අද ලංකාවේ සුපිරි බස් මුදලාලි කෙනෙකු වන අනුරාධපුරයේ ඩී.එස්.ගුණසේකර බස් සමාගම මීගමුව කොළඹ ධාවන ගමන් බලපත්‍ර 10 ක් වැඩි මිළක් ගෙවමින් දැනට අයිති අයගෙන් ලබාගෙන මීගමුව කොළඹ රු 125 ක් ලෙසින් සිය සුපිරි බස් රථ   10 සේවයේ යොදවන්නට පටන් ගති.
මේ සියළු තතවයන් ගැන ඉතා විමසිල්ලෙන් බලා සිටි මීගමුවේ ඩිෙපා්ව ඊයේ සවස් වරුෙව් පුදුමය දනවන තින්දුවක් ගත්තේය.
එනම් සුපිරි මගේ  ආරම්භයේදි එක් මගියෙකුගෙන් රු 150 ක් අයකරමින් ගිය ගමන් වාරයක් රු 75 දක්වා අඩුකිරිමට ඔවුන් ගෙන තිබුණ තින්දුවයි.( කොළඹ මීගමුව ලංගම 240 මගේ බස්රථයක ටිකට් පතක් රු 54 කි.)
මේ අනුව දැන් සුපිරි මගේ මිළ ගණන් 3 ක් යටතේ බස් ධාවනය කෙරේ.
එහෙත් ලංගම විසින් ගෙන ඇති තින්දුව තවත් කොතරම් කලක් අල්ලාෙගන සිටිය හැකිදැයි අප නම් නොදනිමු.
ඒ කෙසේ වුවද මෙය නම් D.S. මුදලාලිට නියම ගේමක් යැයි සතුටින් ඉපිල ගිය ඩිපෝ සේවකයෙක් අපට පැවැසිය.