
මීගමුවේ කාර්ගිල්ස් පුඩ් සිටිය වෙත ගිය කාන්තාවක් ෂැම්පෝ බෝතල් දෙකක් මිළට ගෙන ඇත.
එහි රුපියල් යනුවෙන් පැහැදිලිව සදහන්ව ඇති මිළ ලේබල්වල දැක්වෙන්නේ ඉන් එකක් රු 115 ක් ලෙස සහ අනික් එක රු 150 ක් ලෙසිනි.
එහෙත් එතරම් පැහැදිලි ලෙසින් නැති කෙලින්ම නොපෙනෙන තැනක රුපියල් යනුනේ සදහන් තවත් මිළ ගණන් ඇත.

එහි සදහන්ව ඇත්තේ රු 610ක් සහ රු 545ක් ලෙසය.
පැහැදිලි මිළ ගණන් වලින් ගණන් බැලු ඇය සිතුවේ මේ ෂැම්පෝ බෝතල් දෙක සදහා වන මිළ රු 265 ක් යැයි කියාය.
එහෙත් මුදලින් ගෙවා ගෙදර පැමිණ බැලු විට දැනගන්නට ලැබුනේ මේ ෂැම්පො දෙක වෙනුවෙන් ඇය විසින් රු 1155 ගෙවා ඇති බවය.
මේ පිළිබදව ඇය විසින් කාර්ගිල්ස් කළමණාකාරිත්වයෙන් විමසා සිටි අවස්ථාවේදි ඔවුන් කියා ඇත්තේ පැහැදිලිව සටහන්ව ඇති මිළ ගණන් ඉන්දියාවේ මිළ ගණන් බවය.
අපේ විතරක් නෙමෙයි හැම සුපිරි වෙළද සැල්වලම මෙහෙම තමයි වෙන්නේ යැයි කියාද පවසා ඇත.
මෙය පැහැදිලි ලෙසම පාරිභෝගිකයා නොමග යැවිමකි.
මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් වහා මැදිහත්ව පියවරක් ගත යුතුව තිබේ.