රටම ජයගත් පොහොට්ටුවේ මීගමුව නියෝජිත නිමල් ලංසා තමන්ට පැවරුණු ආසන දෙකම පරාදකරගත්තද සිය පාර්ලිමේන්තු සිහිනය එසේ පරාජය කරගත නොහැකි නිසා දැන් සිටම මැතිවරණ වැඩකටයුතු වලට බැස ඇති බව සැලය.
මේ මුල පිරිම සිදුව ඇත්තේ පසුගිය දිනක පෙරියමුල්ල ප්‍රදේශයේ පැවැති සුපිරි සාදයකිනි.
ඇති පදමට වොඩ්කා සපිරි මේ සාදයේ සැර බීම වලට අනුග්‍රහය ලැබි ඇත්තේ පසුගිය වසර ගණනාවක් තිස්සේ අතදිගහැර හම්බකරගැනිමට නිමල් ලංසා විසින් ඉඩ කඩ ලබා දි තිබුණු දෙදෙනෙකුගෙනි.
ඒ අයට මදිපාඩුවට කඩොල් සහිත තවත් ඉඩම් කැබැල්ලක්ද ලැබෙන්නට නියමිත බවට වන කටකතාවක් දැන් මේ වන විට නගර සභාව තුල පැතිර යමින් ඇති බවද කියැවේ.
පසුගිය මැතිවරණයට ලංසා පවුල හා එක්ව කටයුතු කළ 100 කට අධික පිරිසක් මේ සාදයට පැමිණ තිබුණි.
ඉදිරි මහ මැතිවරණයේදි වෙනත් පළාත්වල අයට මනාප හොයන්න මිගමුවට ඒමට ඉඩ නොදෙන අයුරින් කටයුතු කළ යුතු බවද මෙහිදි පැමිණ සිටි අය වෙත දන්වා තිබුණි.
මෙම සාදයට නියෝජ්‍ය නගරාධිපති ෆරිස් සහභාගිවි නැත.