ස්ත්‍රියක් වීම නිසාම ජීවිතය හමුවේ ලැබූ අභියෝග සිනහවෙන්,කදුලින්,උපහාසයෙන් විදදරාගෙන එයිනුත් නොනැවති සිය කවි භාෂාවෙන් ලද අත්දැකීම් සාහිත්‍යට එකතු කළ මිතුරිය ලොරෙටා පීරිස් අද අපෙන් සමුගැනිම ඉතාම සංවේගජනක මොහොතකි.
2006 වර්ෂයේ සිට ඇය මිුපර පුවත්පතට සිය දායකත්වය , ලේඛනයෙන් ,ශ්‍රමයෙන් ලබාදුන් ක්‍රියාකාරිණියකි. මීපුර පුවත්පත නොකඩවා පවත්වාගෙන යාමට මිපුර කන්ඩායම දැරූ ප්‍රයත්නයට ඇයගේ ධෙර්්‍යසම්පන්න සහයෝගය ලබාදෙමින් පුවත්පතට ආලෝකයක් ගෙන ඒමට ඇගේ නිර්මාණශිලී දායකත්වයද ලබාදුන්නාය. ඒ සම්බන්ධව ඇයට අප කෘතවේදීවිය යුතු අතර මේ තරම් කෙටි කාලයකින් ඇයට දිවියෙන් සමුගැනිමට සිදුවිම මීපුර හිතවතුන් සියලුදෙනාටම වේදනාකාරි අවස්ථාවකි. ලොරෙටාගේ පළමු කවි පොත (භාග්‍යය) පෙරවදන ඇගේ ජීවන දෘෂ්ටිය ගැනත් ලොරෙටා ගැනත් පසක් කරවයි. ලොරෙටා සැබවින්ම ඒ වදන් තුළ ජීවත්වූවාය. ඇය සිය ජීවිතයේදී විඳින්නට සිදුවූ සියලු ගැහැට , අපේක්ෂා බිඳවැටිම්,ජයග්‍රහණ සියල්ල සමසිතින් දරාගෙන , යහපත් හා සාධාරණ සමාජයක් ගැන දැල්වූ බලාපොරොත්තු අත්නොහරිමින් අප සමග ජීවිතය බෙදාගත්තාය. සම්ප්‍රදායික පවුලකට, ඒකාකාරී ජීවිතය තුළ කොටුවීමට කිසිසේත් ප්‍රිය නොකල ලොරෙටා සැමවිටම සාමුහික ජීවන සංස්කෘතියක් පිළිබදව දැඩිව විශ්වාසයක් තබා තිබූ ධෛර්යසම්පන්න ස්ත්‍රියකි.
ලොරොටා පිලිබඳව මතකය අවදිකිරිමේ දවස් මෙතරම් ඉක්මණින් අප වෙත පැමිණේවි යැයි නොසිතුවත් අද එය අපවෙත පැමිණ තිබේ.
ඇය වැනි මිතුරියක් ඇසුරුකිරීමට ලැබිම අප ලැබූ භාග්‍යයකි.
ආදරණීය ලොරෙටා ඔබට සුබ ගමන් !
මීපුර කණ්ඩායම
ලොරෙටා පීරිස් ඇගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වෙනුවෙන් තැබූ පෙරවදන හා ඇගේ කවි කිහිපයක් පහත පළවේ.
‘ භාග්‍යයකි මට කවි පොත එළි දැක්වීමජීවිතය ද භාග්‍යයකි. දකින්න කියවන්නජීවිතයේ ආදරය සෙනෙහස හිමි ,අහිමි ,නිසාම,හඬන සිනාසෙන නිහඬ වන චරිත හදුනාගන්නචරිතවල සිර වී සිටින ඔබ මා හදුනාගෙන
ජීවිතය අභාග්‍යයක් නොකොට හිමිඅහිමි දරා වෑයමෙන්, නැඟිට දිරිගන්නමගේත් ඔබේත් අප හැමෝගේම ජිවිතයයිඑය අත්විඳීම භාග්‍යයකි………..’
ඒ භාග්‍යය කවිවලින් පළවු කවි කිහිපයක් . . . .
භාග්‍යය
රැවටෙමි
හඩමි
සිනාසෙමි
නිහඩවෙමි
නිසලවෙමි
සසලවෙමි
ගැහැණියෙක්මි
මා මෙම නිසදැසට හෙතූ වුයේ ගැහැණියෙක් විම නිසා විදිනා පිඩනය නිසාමය පිරිමින් ලෙස ඞවුන්ගේ පිරිමිකම බලයක් කරගනිමින් කෙරෙනා හිත් වෙදනාකම් නිසාමත් සමාජයම ගැහැණුන් දෙස වපර ඇසින් බැලිමත් ඞනැම මොහොතකදි දමා යෑමට සුදුකමක් ලෙස පිරිමිකම බලයක් වන පරිදි යොදාගෙනය
කූණු- මල්
කූණු වගේද හිත අපේ
මල් නොවෙද හිත අපේ
කූණු වුනොත් හිත අපේ
මල් පරවෙයි සැමදිනේ
මල් වැඩුමට අත් ඇතේ
හිත් වැඩුමට මල් ඇතෙ ්
අප වැඩුමට හිත් නැතේ
ගත වැඩුමට පඩි නැතේ
හැමගේ කුණු ගත් අපි
සුන්දර කෙරුමයි අපි
වින්දන කෙරුමට අපි
විදිනා දුක් කටු අපි
අඩි හයේ කාමරේ
ඇදන් ඇත පොළිමේ
බලනු මැන විගසිනේ
පරවි යන මල් මෙලේසිනේ
………………………………………………
විරාමය
නිල්වන් මුහුද නිසසලවු වෙලාවට
පුරහද හිදියි නිසසලව ලතාවට
ඔබ මා හමුවු සාගර තාලවට
දැනෙයි ඔබ රැවටු බව කාලාවට
මහගල් ඇත මුණිවත තබාගෙන
වැලිමත ඇත මතකය වෙලාගෙන
ගිලිහුණු පෙමක ශෝකය තබාගෙන
රිදවා හැර දමා බොකල් ගියාය
තවමත් වෙරලට රැල්ල වෙලා ගෙන
ගෙන එයි සොදුරැබව ලතාවට
කකියන විටදි ලේ හද රිදුනාය
විදවමි සොදුර ශෝකය හද වෙලාගෙන