”සුබ්‍රරා අතුරුදහන්කරවිමට වගකිවයුත්තේ ඊ.පී.ඩී.පී එකයි”. සුබ්‍රරා ගේ පියා අවධාරණය කරයි

0
101
සුබ්‍රාගේ අම්මා
සුබ්‍රාගේ අම්මා
සුබ්‍රරාගේ ඇල්බමයෙන්
මාධ්‍යවේදි දායාබරන් සුබ්‍රරා ගේ පියා .මව සහ සොහොයුරිය

සිවරාම් මාධ්‍ය සගයාගේ 11 වන ඝාතන සමරුවට සහභාගිවිම සදහා ගොස් සිටි දකුණේ මාධ්‍ය සගයන් කිහිපදෙනෙකු පසුදින යාපනේ සිට නෙල්ලිඅඩි බලා පිටත් වුයේ 2007 වසරේදි අත්අඩංගුවට ගනු ලැබන දැනට අතුරුදහන්ව සිටින සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්ගේ මාධ්‍යවේදියාගේ නිවසට යාම සදහාය.
අප එහි යන විට මාධ්‍යහනත් පසුව තිබුණි.
අප එහි එන බව සුබ්‍රාගේ නිවසේ සිටින අයවෙත දැනුම් දි තිබුනේ යාපනය මාධ්‍ය සමාජයේ දායාබරන් මාධ්‍ය සගයා විසිනි.
එ් නිවසේ සිටින්නේ සුබ්‍රාගේ පියාත් මවත් පමණි.ඔවුන් බෙහෙවින්ම වයෝවෘද්ධය.
පියාට අවුරුදු 83 කි.
මවට අවුරුදු 81 එකකි.
අප එහි ගිය පසු සුබ්‍රාගේ වැඩිමහල් සොහොයුරියක්ද කඩිමුඩියේ දිව ආවේ සුබ්‍රා ගැන ඇය දන්නා සියල්ලද අප වෙත කියා සිටින්නටය.
කොච්චර කථා කළත් වැඩක් නැතැයි අම්මා අපට මුලින්ම කියා සිටියාය.

සුබ්‍රරා ගේ නිවසට ගිය මාධ්‍ය සගයන්

තාත්තා ඇය අස්වසාලමින් අපට සිදුවුන දේ කියන්නට පටන්ගත්තේය.
එයට එකතු විය යුතු තැන් මතක් කර දෙමින් අක්කාද ඊට හවුල් විය.
දමිල භාෂාවෙන් කෙරුන ඒ බෙදා ගැනිම් අපට පරිවර්තනය කර දුන්නේ ටැමිල් මිරර් හි කර්තෘ මදන්  මිතුරා විසිනි.
උතුරත් දකුණත් නැගෙනහිරත් මාධ්‍ය සගයන් අතර ඓන්ද්‍රීය සමබන්ධතාවයක් පසුගිය වසර 2 ක් කාලය තුල ගොඩනගන්නට මුල්වු ප්‍රධානතම මාධ්‍යවේදියා වුයේ ඔහුය.
(ඒ දකුණේ ජේෂ්ඨ යැයි කියාගත් ඇතැම් සිංහල මාධ්‍යවේදින් මෙන්ම කොළඹ කේන්ද්‍රියව ක්‍රියාත්මක වන ඇතැම් දමිල මාධ්‍ය සංගම් නායකයන් විසින් එයට විවිධ බාධාවන් පමුණුවමින් තිබුන පසුබිමකය.)

 ………. 2007 පෙබරවාරි 15 වෙනිදා සවස 6 ට පමණ  නිවසට පැමිණෙමින් සිටි රාමචන්ද්‍රන්ව ඔහුගේ නිවසට නුදරු කලිකායි හංදියේදී හමුදාව විසින් නතර කොට ප්‍රශ්ණ කිරීම් සිදු කරනු තමන් දුටු බව ඇසින් දුටු සාක්ෂිකරු පවසා තිබෙනවා. එලෙසම රාමචන්ද්‍රන්ගේ අසල්වාසීන් පවසන පරිදි සවස 7ට පමණ හමුදා වාහනයක් ඔවුන්ගේ ප්‍රදේශට පැමිණෙනු ඔවුන්ට ඇසී තිබෙනවා.ඔවුන් විශ්වාසකරන්නේ එම අවස්ථාවේදී එම වාහනයෙන් රාමචන්ද්‍රන්ව රැගෙන යන්නට ඇති බවයි.

තමන්ගේ සහෝදරයා රාත්‍රී 8පසුවන විටත් නිවසට නොපැමිණීම නිසාවෙන් කලබලයට පත්වන ජෙයරත්නම් කමලාශිනී ඔහුට දෙවරක් දුරකථන ඇමතුම් ලබා දී තිබෙනවා. එම අවස්ථා දෙකෙහිදීම ඔහු පවසා අත්තේ ඔහු හමුදා කදවුරකදී ප්‍රශ්ණ කිරීම් වල ලක්වෙමින් සිටින බවත් තවත් සුළු මොහොතකින් නිවස පැමිණිය හැකි නිසා බිය විය යුතු නැති බවයි.නමුත් පසුදා අලුයම 4 වන තුරුත් තමන්ගේ සහෝදරයා නිවසට නොපැමිණීම නිසා ඇය නැවතත් ඔහුට දුරකථන ඇමතුමක් ලබාදී තිබෙනවා.එම අවස්ථාවේදී ඔහු ඇයට පවසා ඇත්තේ ඇය නැවතත් කථා කලහොත් ප්‍රශ්ණයක් ඇතිවිය හැකි නිසා නැවත දුරකථන ඇමතුම් ලබා නොදෙන ලෙසයි.ඉන්පසු ඇය තම පියාත් සමගින් තමන්ගේ නිවසට ආසන්නම හමුදා කදවුර වෙත ගොස් ඇත්තේ තමන්තේ සහෝදරයාට සිදුවූයේ කුමක්ද යන්න විමසීමටයි. ඔවුන් රාමචන්ද්‍රන් පිලිබදව හමුදා නිළධාරන්ගෙන් විමසූ අවස්ථාවේදී, රාමචන්ද්‍රන් දුටු බව හා ඔහුව රාදවා තබාගත් බව ඔවුන් ප්‍රතික්ෂේපකර තිබෙනවා

2012 වසර වනතෙක්ම ඔහුගේ දුරකථන අංකය දිගින් දිගටම අමතා ඇති අතර දුරකථනය ක්‍රියාත්මක නමුත් කිසිවෙකු ඒ වන විටත් ඒ සදහා පිලිතුරු ලබා දී තිබුණේ නැහැ. 2012 වසරෙන් පසු අදාල දුරකථන සමාගම විසින් එම අංකය වෙනත් අයෙකුගේ භාවිතය සදහා ලබාදී තිබුණ අතර නමුත් ඉන් පසුව එම අංකයත් තහනම් කර තිබෙනවා.

ඉහළින් ලැබුන නියෝගයන්ට අනුව රාමචන්ද්‍රන් රදවා තබාගත් බව ඔවුන් පිලිබදව අනුකම්පා වන එක් බුද්ධි අංශ නිළධාරියෙකු විසින් ඔවුන් වෙත දන්වා සිටිනවා. එවකට ඇමතිවරයෙකු වන හා EPDP පක්ෂයේ නායකයා වන ඩග්ලස් දේවානන්දා මහතා හමුවන ලෙසත් බුද්ධි අංශ නිලධාරියා විසින් ඔවුන්ට දන්වා තිබෙනවා.
උපුටා ගැනිම http://citizenpostlk.com/2016/04/14/)

සුබ්‍රරා ගේ පියා මාධ්‍යවේදින්ට කරුණු කියමින්

කෙසේ වෙතත් පියාත් මවත් අක්කාත් අප හා කියා සිටි සියලු කතාවන් හි සාරාංශයේදි වැටහි ගිය පැහැදැලිම කරුණක් වුයේ මෙම අතුරුදහන්විම පිටුපස ඊපිඩිපි සංවිධානය අනිවාර්යෙන්ම සිටිනා බවය.( සුබ්‍රමනියම් රාමචන්චද්‍රන් මාධ්‍යවේදියාගේ අතුරුදහන්කරවිම පිළිබදව විස්තරාත්මක ලිපිය මේ ලින්කුවෙන් ඔබට කියවා ගත හැක http://citizenpostlk.com/2016/04/14/)
එමෙන්ම කාලයක් සුබ්‍රාව එම කදවුරේ රදවාගෙන සිටි බවද පැහැදිලි විය.
මෙහි වඩාත් සැකකටයුතු තැන වන්නේ 2009 වසරේ යුද්ධය අවසන් විමෙන් පසු හමුදාව සහ පොලිසිය පැමිණ සුබ්‍රාගේ උප්පැන්න සහතික/අධ්‍යාපන සහතික සහ වෙනත් වැදගත් ලියවිලි ඉල්ලා සිටිමත් ඒ සියල්ල පේදුරු තුඩුවේ පොලිසිය වෙත ගෙනවිත් භාර දෙන්නට යැයි කියා සිටිමත්ය.
පියා විසින් පේදුරුතුඩුව පොලිසියට ගොස් අදාල සියලු ලියවිලි භාරදෙන්නට කටයුතු කර තිබුණි.
එබැවින් මෙහි වන එවැනි සැක කටයුතු තැන් ඔස්සේ කිසියම් පිරිසක් නිරත්නතරයෙන්ම මැදිහත්විමක් සිදුකිරිමට වැඩපිළිවෙලක් තිබේ නම් සුබ්‍රාෙට සිදුවුයේ කුමක්දැයි දැනගැනිමට යම් ඉඩක් ඇතැයි විශ්වාස කළ හැකිව තිබේ.
සිය සියළු කතා බස් අවසන් වු තැන ගෙයින් එළියට බැස සුබ්‍රාගේ පියා අපට කි දෑ මේ රටේ සැමගේ දැනගැනිම සදහා බෙදාගත යුතුව ඇතැයි අප විශ්වාස කරමු.
මගේ පුතා මටත් වඩාත් අගලක් උසයි. හරි ශක්තිවන්ත මනුස්සයා.හරි ධෛර්ය වන්තයි.ඔය මිදුලෙ ගස් ටික මල් වැටවල් ඔක්කොම හැදුවේ මගේ පුතා .
පුතාව අරගත්තේ ඊපිඩිපි එකම තමයි හැබැයි හමුදාවෙත් උදව් ලැබෙන්න ඇති.
මොකද ඒ කාලේ නිළ නොවන සන්නද්ධව සිටි පිරිස හැටියට හිටියේ  එල්ටිටි්‍ඊ එකයි ඊපිඩිපි එකයි විතරයි  .ඒ හින්ද තමයි ප්‍රධාන චෝදනාව ඊපිඩිපි එක වෙත එල්ල කරන්නෙත්,
සුබ්‍රාගේ පියා විසින් මේ සියල්ලල අවසනදි කරන්නට යෙදුන ප්‍රකාශයක් එහි සිටි සැමගේ නෙතට කදුලක් එක් කලේය.
සුබ්‍රිාගේ අම්ම අපේ දරුවව නැතිවුණ දා ඉදන් බත්ඇටයක් කාල නෑ.පාන් හරි වෙන මොනව හරි තමයි ඒත් දවසටම එක්  වේලයි.එයා කියන්නේ කවද හරි දවසක පුතා ගැන දැනගන්න ලැබුනහම තමයි ඇය බත් කන්නේ කියලයි.
උඩුකය නිරාවරණය කොට පොඩි තුවායක්ද කරවට දවටා සිටින සුබ්‍රාගේ පියා දකින විට අප මතකයට නිතැතින්ම ආවේ පිරවි චිත්‍රපටයේ එන අතුරුහන්වු විශ්ව විද්‍යාල සිසුවා එන තුරු වසර ගණනාවක් තිස්සේ මග බල සිටින පියාගේ චරිතයයි.
ඝාතනයට ලක්වු උතුරේත් දකුණේත් මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකුගේ කථා අතර සුබ්‍රාගේ කතාව අදටත් අභිරහසකි.
අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් හමුදා කදවුරු වල රදවා ගෙන සිටින බවට වන සිදුවිම් ගණනාවක්ද එහි වන නිසාය.
සුබ්‍රාට සිදුවුයේ කුමක්දැයි සොයා යන්නට යුක්ති අගයන සැමට අප ඇරයුම් කර සිටිමු.
මේ ගමනට අපිත් එක්ක ගිය කුමාරි සහෝදරිය රාමු ගැන තැබු කවි සටහන…..

රාමු

විශාල හාදයෙක්
මටත් වඩා අඟල් දෙකක් උස
මගේ රාමු …

‘‘මේ මල් ආරුක්කුව හැදුවේ
ඒ  දෑතින්මයි ..
අප්පාගේ කඳුළු..කඩා නොවැටීම කතා කෙරුවා ….

පුතෙකු නැති වුණ අප්පෙක්ගේ හඳවත ..
සඳ එළියක් නොවේ …
මඟ බලන ගිරි කුලක්…
ඒ රාමුගේ අප්පා…….
කයිතඩි හන්දිය ලඟ
මුරපොලෙදී ….
රාමු නැතිවුණා….
එදා ඉදන්
පිච්ච වැලේ මල් පිපුණේ නෑ ….
එදා ඉදන් ඉර බැස්සෙත් නෑ රාමු
ඉර නැංගෙත්  නෑ රාමු …
මගේ කුසට බත් ගිලුනෙත් නෑ රාමු….
අපේ පණ අරන් නුඹ කොහේ  සැඟවිලාද..

වැදූ කුස පළි ගසනවා
තාමත් මඟ බලාගෙන……

නුඹේ සුසුම්  හමනවා..කොහේ සිට දෝ

නුඹ ඉන්නවා ද?  රාමූ…
නුඹ ඉන්නවා ද?

කුමාරි ප්‍රනාන්දු

සාලියගේ හිතට වැදුන දේ අනික් අයත් එක්කත් බෙදා ගත්තා..

සුබ්‍රරා අතුරුහන්කරවිම සාලිය ලියනආරච්චි දැක්ක හැටි