සුභ ගමන් බාහු සහෝදරයා !

0
135

රාජපක්ෂලා යුද වියරුවෙන් හැසිරෙද්දි එදා ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලාගේ යුද වියරුවට පවන් සලමින් දමිළ ජනයාට බර අවිවලින් ගහල ඉවර කරන්නට යැයි  කියා සිටියහ.

වික්‍රමබාහු යන වාමාංශිකයා රාජපක්ෂලාගේ යුද වියරුවට මෙන්ම බල වියරුවට එරෙහිව රාජපක්ෂලා පන්නා දැමිමට වසර 2009 දි ගොඩනැගුණු දැවැන්තම සිවිල් දේශපාලන වේදිකාව වු නිදහසේ වේදිකාවේ ගොඩනැගිමට දැවැන්ත මෙහෙයක් ඉටු කලේය.

යුද්ධයට එරෙහිව කොන්දේසි විරහිතව සාමය වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුක ස්ථාවරයක් ගත්තා පමණක් නොව එම ස්ථාවරයෙන්  කටයුතු කරන වාම පරපුරක්ද ගොඩනැගිමට මුලික විය
මිගමුවට සිවිල් සමාජ ක්‍රියාකාරින්ට අමතක නොවන මතකයක් එක් කරමින් බාහු සහෝදරයාගේ 70 වෙනි උපන් දින සැමරුම නිදහසේ වේදිකාවේ ක්‍රියාධරයන්ගේ මුලිකත්වයෙන් මිගමුව කුරණ ප්‍රදේශයේදි සංවිධානය කර තිබුණි

බාහු සහෝදරයා මිය ගියද  ප්‍රගතිශිලින් අතර ඔහු තබා ගිය නොමැකෙන සහෝදරත්වය යළිත් මතක් කරනු වස් මිට වසර 11 කට ඉහතදි සිදුකරන්නට යෙදුන ඒ සමැරුමේ ඡායාරුප කිපයක්ද මෙහි පළකරන්නෙමු